IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහින්දානන්ද නලින් හිරගෙදර මුද්‍රණ වැඩට?

(සුජිත් හේවාජුලිගේ)

බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරුණු මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් බොහෝ දුරට බන්ධනාගාරයේ   මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් අද හෙටම එම වැඩ පැවරීම  කෙරෙනු ඇත.

මේ අතර දඬුවම් නියම වුණු  සිරකරුවන්ට නිකුත් කෙරෙන  ජම්පරය නමැති ඇඳුම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ඊයේ (29) ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය.

එසේම  දෙදෙනා බන්ධනාගාර වෛද්‍යවරයාට   පෙරේදා යොමු කළ බවද ඔහු සඳහන් කළේය.

2015 ජනාධිපතිවරණ සමයේ දී කැරම් බෝඩ් 14000ක් සහ  දාම් බෝඩ් 11000ක්  නීති විරෝධී ලෙස ක්‍රීඩා සංගම් අතර  බෙදා හැරීමෙන් රුපියල් කෝටි පහකට වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිතව  වසර 20ක සිර දඬුවමක්ද සතොස  හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ  වැඩ සහිතව  වසර 25ක සිර දඬුවමක්ද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්  ඊයේ (29) නියම කරනු ලැබීය.



අදහස් (7)

මහින්දානන්ද නලින් හිරගෙදර මුද්‍රණ වැඩට?

SIRI Friday, 30 May 2025 08:17 PM

අච්චු කන්තෝරුවක වැඩකරන එක තරම් " බරපතල" වැඩක් ඇත්තේම නෑ කියලා ඇහුවාමයි.

:       3       26

Perera Saturday, 31 May 2025 01:22 AM

ව්‍යායාමයට ඉඳලා හිටලා දර පලන්නත් දායිද දන්නේ නෑ.

:       0       4

de silva Saturday, 31 May 2025 12:12 PM

දමන්න තිබුනේ වැසිකිලි සුද්ද කරන්න...

:       0       6

fairoos Saturday, 31 May 2025 02:10 PM

මේවා පොඩි කේස් තව ලොකු එව්වා එනකොට තව අය කෙඳිරි ගාන්න පටන් ගනී.

:       0       9

prasanna Saturday, 31 May 2025 03:47 PM

ගෙවල් ගිනිතියලා, අපරාධ වලට හිරේ යන අවුරුදු ගාණ බලන්න. අපිට මැත්ස් ක්ලාස් යන්න වෙනවා.

:       2       3

Priyantha Saturday, 31 May 2025 04:58 PM

මේ අය මහත්වරු නෙමෙයි, හොරු

:       0       5

don Sunday, 01 June 2025 06:19 PM

මේක ලංකාවේ මුද්‍රණ අංශයේ සේවය කරන සේවකයින්ට කරපු අපහාසයක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site