IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහින්දෝදය විවෘත කිරීම තාවකාලිකව නවත්වයි

මැතිවරණ සමයේ මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම තාවකාලිකව නැවැත්වූ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට  ප්‍රචාරයක් ලැබෙන පරිදි නිවාඩු කාලයේ මහින්දෝදය විද්‍යාගාර විවෘත කරන බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මැතිවරණ කොමසාරිස්ට ලිඛිතව දන්වා තිබිණි.

ඒ අනුව විද්‍යාගාර විවෘත කරන්නේ නම් නිලධාරීන් පමණක් සහභාගී වී මැතිවරණ ප්‍රචාරයක් නොවන පරිදි විද්‍යාගාර විවෘත කරන ලෙසත්, එසේ නැතිනම් තාවකාලිකව නවත්වන ලෙසත් මැතිවරණ කොමසාරිස් අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඇත.

මැතිවරණ කොමසාරිස්ගේ ඉල්ලීමට ගරු කරමින් මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම තාවකාලිකව නැවැත්වූ බව අධ්‍යාපන ලේකම් කීවේය.

මැතිවරණයට නාමයෝජනා බාර දුන් පසු ජනපතිගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් දේශපාලනඥයන්ගේ සහභාගගීත්වයෙන් විද්‍යාගාර කිහිපයක් විවෘත කළ බවත්, ඉදිරි දින කිහිපයේ ද විවෘත කිරීමට සූදානමක් ඇතැයි දැනගත් නිසා මැතිවරණ කොමසාරිස් දැනුම්වත් කළ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.



අදහස් (0)

මහින්දෝදය විවෘත කිරීම තාවකාලිකව නවත්වයි

අනිල් රෝහණ Thursday, 25 December 2014 12:04 PM

අැයි මහින්දෝදය විවෘර්ත කිරීම නැවැත්තුවේ ? මොකද පාසැල් සිසුන්ට ඡන්ද අයිතිය නැහැ නේද? පව් අහිංසක දුප්පත් ළමයි තව මාසයක් බලාගෙන ඉන්න ඕනෑ නේද ? (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Thursday, 25 December 2014 12:49 PM

මෛත්‍රී මැතිතුමාට විවෘත කරත හැකි. (අ)

:       0       0

අකලංක Thursday, 25 December 2014 01:16 PM

ලංකා ගුරු සංගමයට අපේ ප්‍රණාමය (අ)

:       0       0

සෙනෙවි Thursday, 25 December 2014 11:23 PM

ඕවාට කවදාහරි ගෙවන්න වෙන්නේ අහිංසක අපිට තමයි (නි)

:       0       0

කස්තුරි මේනකා Friday, 26 December 2014 12:59 AM

කිසිම කලබලයක් නැහැ අපිට ඕවා දැන් විවෘත කරන්න. 8 වෙනිදායින් පස්සේ අපි ඔක්කොම එකතුවෙලා අති උත්කර්ෂවත් විදියට විවෘත කරගන්නම්. කට්ටිය කරදර වෙන්න එපා (නි)

:       0       0

කමල් Friday, 26 December 2014 03:40 AM

මේවා ඉතින් ජාතියේ අවශ්‍යතා. මේ විද්‍යාගාර ඉක්මණින දරුවන්ට පවරාදිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site