IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘මහින්දට ඕන දෙයක් කියන්න පුළුවන්‘

‘මහින්දට කැමති දෙයක් එයාට කියන්න පුළුවන්. එයා අපේ පක්ෂයේ නායකයා නෙමෙයි‘ යනුවෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (1) මිනුවන්ගොඩ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් කීවාය.

ඇය මහ මැතිවරණයට ඉදිරිපත් වනවාද යන්න පිළිබඳව එම ස්ථානයේ කථා කළ නොහැකි බවත් පැවසුවාය.



අදහස් (0)

‘මහින්දට ඕන දෙයක් කියන්න පුළුවන්‘

දහම් Wednesday, 01 July 2015 10:48 AM

අනේ නෝනේ ඔහේගේ බයිලා අහන්න දැන් කවුරුවත් නැහැ. මහින්ද එක්ක මුළු රටම. ඇස් ඇරලා බලන්න. සත්‍යය පිළිගන්න. (බ)

:       0       0

සරත් සෞදි Wednesday, 01 July 2015 11:08 AM

දැන් මොනවා කිව්වත් මහජනයා විස්වාස කරන්නේ නැහැ අවලංගු වෙලා (නදී)

:       0       0

නිමාෂා Wednesday, 01 July 2015 11:26 AM

කොබ්බෑකඩුව ජන්දයට ඉල්ලපු වෙලාවේ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් රටපුරා මහා වෙහෙසක් දැරුවේ විජය. එහෙත් එහිදී අත්තනගලු සහයෝගයේ තිබුණු පාවාදීම් සහගත ක්‍රියාවලියෙන් දුක් වින්දේ සමස්ත රටම. මෙම අවස්ථාවේදීත් ඔබ සියලු දෙනා අවංක නොවන්නේ නම් ඉන් වන ජාතික හානිය කියා නිමකළ නොහැකියි. (නදී)

:       0       0

ශාන්ත - කටාර් Wednesday, 01 July 2015 10:22 PM

නොදන්නා හින්දයි අහන්නේ, දේශපාලනය පැත්තකින් තියමු. එයා රෝහල් නිරීක්ෂණ වලට යන්නේ ඇයි? දොස්තර කෙනෙක්ද? (නි)

:       0       0

තුෂාර Wednesday, 01 July 2015 11:15 PM

මහින්ද හරි වෙලාවට වැඩ කල හින්ද තමයි ගෙදර යන්න උනේ (නදී

:       0       0

ශාන්ත Wednesday, 01 July 2015 11:22 PM

ශ්‍රී.ල.නි.ප. යට චන්ද්‍රිකාගේ ආගමනය එහි වැදගත් මහත්මා දේශපාලනය ආරක්ෂා කිරීමට හේතු වෙයි. (නදී)

:       0       0

ප්‍රීති Wednesday, 01 July 2015 12:39 PM

මෙයා තමන්ගෙ පාලන කාලෙදි මොනවද කලේ ආයෙ එන්න බැරි නිසා දාල ගියා(නදී)

:       0       0

ප්‍රභාත් ලියනගේ Wednesday, 01 July 2015 12:56 PM

මෙය ඔබේ කාලය නොවෙයි. වටහාගන්න. ජනතාව ඉල්ලන්නේ මහින්ද මහත්තයා. අර ශ්‍රේෂ්ට දෙමව්පියන්ට නිගරු නොකර කරුණාකර පොතක් පත්තරයක් බලාගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න.(නදී)

:       0       0

ප්‍රකාශ් Wednesday, 01 July 2015 01:00 PM

චන්ද්‍රිකා ගේ පක්ෂය වුයේ මහජන පක්ෂය නේද?තමාගේ අම්මාටත් එරෙහි වූ මැය මේ රටට කලේ මොනවාද? (නදී)

:       0       0

රවි බණ්ඩාර Thursday, 02 July 2015 01:41 AM

අතීතය අමතක නැත. තාත්තයි අම්මයි කළ දේ විතරයි කියන්න තියෙන්නේ. (නදී)

:       0       0

චන්න බුවනක Wednesday, 01 July 2015 01:04 PM

මෙදා පාරත් මොනවා වෙයිද කියල හිතා ගන්න බැහැ. හැබැයි එකක් සුවර්. පරදින්නේ අපි.(නදී)

:       0       0

ඡයා Thursday, 02 July 2015 02:00 AM

ඔබ තුමිය රාජපක්ෂ මහතා කියන දේ පිලි ගන්න කැමති නැතිව ඇති. එහෙත් ජනතාව එතුමාගේ හඩ හොදින් හඳුනයි. පිලිගන්න කැමැත්තෙන් සිටී. එහෙත් ඔබට එවන් ජනබලයක් නැත (නදී).

:       0       0

සිරිවිකුම් Thursday, 02 July 2015 02:03 AM

නෝනට හැකිනම් අපිට බැරිද? (නි)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 01:35 PM

රට පාවාදෙන එක ඇරෙන්න වෙන දෙයක් සමහරු නම් දන්නේම නැහැ (නි)

:       0       0

සජීව Thursday, 02 July 2015 02:40 AM

මෙතුමිය කතා කරන විලාශයට මම අකමැතියි.මොකද හැම වචනයකම තියෙන්නේ කැපිල්ල ඊර්ෂ්‍යාව (නි)

:       0       0

කමල් Wednesday, 01 July 2015 03:03 PM

විජයබාහු ඔයා වීරවන්සගේ නෑයෙක්ද ?? එම වචන සෙට් එකම භාවිතා ක‍රන්නේ?(අ)

:       0       0

දිනේෂා Wednesday, 01 July 2015 03:12 PM

මහින්ද කියන්නේ හරි වෙලාවට වැඩ කරන කෙනෙක් . දෙන්නගේ වෙනස අහසට පොලව වගේ රටට ඕන වෙලාවට වැඩ කරන නායකයෝ මිසක් වෙලාව වෙනස් කරන නායකයෝ නෙමෙයි (අ)

:       0       0

ලංකා Wednesday, 01 July 2015 03:30 PM

දැන් මොනවාද කියන්නේ? නෝනා මොනවද ඒ වසර දෙකේදී කළේ? (නි)

:       0       0

ගයාන් Wednesday, 01 July 2015 04:11 PM

මට වෙලාවකට හිතෙනවා , කව්රුත් නෙවි මම තමා හොදම සුදුස්ස අගමැති කමට. මහින්දට චන්ද්‍රිකාට පුළුවන් නම් ඇයි මට බැරි ?(නදී

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 01 July 2015 04:33 PM

ඔබතුමියට ශ්‍රීලනිපයෙන් තරඟ කරන්න කිසි බාධාවක් නැහ නේද? ඒත් අවුරුදු හතළිහක් පක්ෂය තුළ අඛණ්ඩව සාමාජිකත්වය දරමින් පක්ෂයට මේසා ඡන්ද පදනමක් ඇතිකළ මහින්දට අපහාස කරන්න නම් අයිතියක් නැහැ.(නදී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site