මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පැලවත්තේ අද (13) පැවැත්වීමට නියමිත රැස්වීමකට කුලියට ගත් විදුලි ජනනයක් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රැක්ටරයක් සැකපිට අත්අඩංගුවට ගත් බවත් වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ ට්‍රැක්ටරය ඒ සඳහා යොදාගෙන ඇති බවත් පොලිසිය කියයි.
එම ට්‍රැක්ටරය පැදවූ රියදුරා හා සේවකයෙක්ද පොදු දේපළ අපහරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් අද මතුගම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහින්දගේ රැස්වීමට ප්‍රා.සභා දේපළ යොදාගෙන
ජි නන්දන Wednesday, 13 May 2015 05:29 AM
මෙය අනුමත කල කෙනාට දඩුවමක් නැද්ද (ම)
බටන්ගල Wednesday, 13 May 2015 05:33 AM
මේකට ඉඩ ඇහිරෙන නිසා තමයි මේගොල්ලෝ කොමසාරිස් පාලනයට නතු කරනවට අකමැති. ඡන්දෙට කලින් එම ක්‍රමය ඇතිකරනවා මෙන්ම දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. (බ)
දුමින්ද Wednesday, 13 May 2015 06:32 AM
පක්ෂ බේද නැතුව නීතිය ක්‍රියාත්මක වේ නම් රටට සුබවේ (ම)
ටිරෝන් Wednesday, 13 May 2015 06:41 AM
බලයේ නැතුවත් මෙහෙමයි එහෙනම් (බ)
සාලිය Wednesday, 13 May 2015 07:15 AM
මේ ක්‍රියාව අනුමත කරන්න බෑ.මේ සුළු සේවකයෝ දෙන්නා වැරැදි නෑ.මේ දෙන්නට මේ දේ කරන්න කියපු කෙනයි වැරැදි.(හේ)
සමන් Wednesday, 13 May 2015 07:15 AM
තාම මෙයාලා හිතාගෙන ඉන්නේ මහින්ද ජනපති කියලද ඒ කලේ ගියා.(හේ)
පරාක්‍රම Wednesday, 13 May 2015 07:26 AM
රියැදුරයි සේවකයි නිදහස් කැරගන්න 'කස්ටිය' උද්ඝෝෂණයක් සංවිධානය කරයි වත්ද ? (බ)
නිමල් ලලිතා Wednesday, 13 May 2015 09:31 AM
තාම පරණ පුරුදු නතර කර ගන්න බැරි වෙලාද?(හේ)
නන්දලාල් Wednesday, 13 May 2015 11:33 PM
[එම ට්‍රැක්ටරය පැදවූ රියදුරා හා සේවකයෙක්ද.......] මේ දෙන්නා කළේ උඩින් ආ නියෝගයක් පිළිපැද සිය රාජකාරිය ඉටුකිරීම පමණයි නේද?හාල්මැස්සන් අල්ලනවා වෙනුවට ලොකු මෝරුන් අල්ලාගත්තොත්, රට මීට වඩා නීතිගරුක වේවි. (නි)