IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මහින්දගේ රියැදුරු රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක )

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(13) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 08 අංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (11)

මහින්දගේ රියැදුරු රිමාන්ඩ්

ajith Tuesday, 13 June 2017 01:12 PM

මේ හැමදේකටම අවසානයේ මහජන මුදල් වියදම් වෙන එක විතරයි වෙන්නේ. වෙන කිසිදෙයක් වෙන එකක් නෑ 2020 වෙනකම් .

:       140       196

Lal Tuesday, 13 June 2017 01:39 PM

රණවිරුවෝ අත්අඩංගුවට ගන්නවෝ.

:       231       113

lalith Tuesday, 13 June 2017 01:48 PM

මුල්‍ය අපරාධ කොට්ඨාසයත් හරියට වැසිකිලියක් වගේ. කට්ටිය ඇතුලට යනවා එලියට එනවා.

:       122       220

sarath Tuesday, 13 June 2017 11:24 PM

ඇත්ත කතාව ලලිත්. මුල්‍ය අපරාධ කොට්ටාශේ ලඟින් යද්දී සද්දෙයි ගඳයි දෙකම දැනෙනවා.

:       28       11

uddika Wednesday, 14 June 2017 02:38 AM

ගල් කොරිය කරන්න අවසර පත් ඇතිනේ. අත්අඩංගුවට ගත හේතුවත් පල කරනවානම් හොදයි. නැතිනම් මේ පුවතින් වැඩක් නැහැනේ.

:       27       21

කොබාWednesday, 14 June 2017 03:10 AM

අඩු ගණනේ ආටිකල් ඒක කියවලාවත් කමෙන්ට් දානව නම් හොඳයි. ඔතැන සිංහලෙන්ම ලියල තියෙනවා නේ අත්අඩංගුවට ගත් හේතුව "රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන" යාම කියල.

:       22       10

RuwaniWednesday, 14 June 2017 05:20 AM

මෙය තවත් මාධ්‍ය සංදර්ශනයක් පමණකි...

:       0       0

amali Wednesday, 14 June 2017 03:38 AM

කොබා දන්නේ නැති නිසා අහන්නේ මහා බැංකුව රජයේ නෙවේද

:       9       38

කොබාWednesday, 14 June 2017 05:55 AM

මට දැනගන්න වුවමනායි මේකේ තේරුම? ඇත්තටම අමාලි මහත්මිය මේකෙන් මොකක්ද අදහස් කරන්නේ, අඩුපාඩුවක් පෙන්වන්න ඇඟිල්ල දික් කරපුවහම අඩුපාඩුව දිහා නොව ඇඟිල්ල දිහා බලනවා වගේ නොවෙයිද? අඩු ගානේ මහබැංකු සිදුවීම සම්බන්ධයෙන් කතිකාවතක් යනවා, පරීක්‍ෂණ කෙරෙනවා, දිනපතා මිනිසුන් පුවත් මගින් ඒ ගැන දැනුවත් වෙනවා නොවේද? මේ සිදුවීම බලන්න, එය මතු වුනේ කාලයකට පසු. ආණ්ඩුව පෙරළුනාටත් පසු කාලයක් ගතවෙලයි. මහා දවාලේ කල සොරකමක්, ඉතින් මහා බැංකු සිදුවීම බැලුවම ඒක සුවිශාලයි. ඒ නිසා මේ පොඩි සොරකම නොසලකා හැරිය යුතුයි කියලා හිතනවද?

:       0       0

feros Wednesday, 14 June 2017 05:27 AM

හමුදාවට සලකපු හැටි හිතාගන්න පුළුවන් කපිතාන් කෙනෙක් රියදුරු හැටියට හිටිය කිව්වහම....

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 14 June 2017 12:50 PM

ඔන්න ඉතින් අරයයි, එයාගේ පවුලේ අයයි උගුර රතු වෙනකම් මොරදේවි මෙහෙම : "යහපාලන රජය අපේ සගයෝ අත් අඩංගුවට ගන්නවෝ " කියල !!! කොහොම වුණත්, විවිධ වැරදිවලට සම්බන්ධ යයි කියා අත් අඩංගුවට ගන්නා කවුරුවත් තවම වැරදි කරුවන්වී දඬුවම් නොලැබීම එයට ප්‍රධානම හේතුවයි.... ඔය ඩ්‍රයිවර් හෙට අනිද්දා ඇප ලබාගෙන පරණ ජොබ් එකටම යාවි, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ රජයට "කොකා" පෙන්නමින් !!! එච්චරයි වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1969 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site