IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්දගේ ප්‍රවාහන ලොක්කාට ඇප

වාහන තුනක් අතුරුදන් වීයැයි සැකපිට රිමාන්ඩ්බාරයේ සිටි ජනාධිපති ලේකම් කාර්යාලයයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක රුපියල් 25000ක මුදල් හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

අතුරුදන් වී තිබුණු බව කියන වෙඩි නොවදින බෙන්ස් රිය හිටපු අගමැති නිල නිවස වූ විසුම්පායේ ගරාජයක ද, ජිප් රිය කොහුවල පෞද්ගලික ගරාජයක ද තිබී හමු වූ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

අතුරුදන් වූ බව කියන යතුරු පැදිය හමු නොවූ බවත්, එය විනාශ වන්නට ඇතැයි සැක කරන බවත්  කියැවිණි.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත් සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

 

 



අදහස් (0)

මහින්දගේ ප්‍රවාහන ලොක්කාට ඇප

ඇසළ Wednesday, 25 February 2015 09:54 AM

ඇතුලට යනවා ටික දවසකින් එළියට එනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site