මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ඔහුගේ භාර්යාව ඇතුළු පවුලේ සාමාජිකයන් නව දෙනකුගේ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් 80ක ගිණුම් පිළිබඳ විස්තර රහස් පොලිසියට දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම බැංකුවලට අද නියෝග කළේය.
ගිය රජය කාලයේ ගාමිණී සෙනරත් අයතා ලෙස මුදල් උපයාගෙන ඇති බලට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් රහස් පොලිසිය උසාවියට කරුණු වාර්තා කළේය.
මුදල් විශුද්ධිකරන පනත යටතේ මෙම පැමිණිලි ගොනු කර ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහින්දගේ ප්‍රධාන විධායකගේ බැංකු ගිනුම් 80ක විස්තර සොයයි
ඇසළ Tuesday, 21 April 2015 02:23 AM
මාස තුනකටත් වැඩියේ එකම බයිලා එක අහල අහල එපා වෙලා දැන්. අගමැති තුමා විතරයි හරියට කියල තිබුනේ මහින්ද අවුරුදු 10 කින් කරන්න බැරිවුන දේ අපි දින 100 යක් යන්න කලින් කලා කියල. බැලුවහම වරදකුත් නැහැ කියමනේ. මහා බැංකුවට කැරකිලා වැටෙන්න ගේම දුන්න නේ. බොසා කෙස් එකෙනුත් බේරුවනේ. තමන්ගේ ඇහේ තියන පොල් පාරලේ පෙන්නේ නැහැ අනුන්ගේ ඇහේ තියන කබ ගුලිය හොයන ජාතිය.(අ)
පිටබැද්දර ජයා Monday, 20 April 2015 12:37 PM
මේවා කාගේ සල්ලිද කියලා මහජනතාව දන්නවා. උඩ දෙවියන් ඉන්නවා, බලාගෙන පරිස්සමෙන්! (නි)
ටෙනිසන් Monday, 20 April 2015 01:24 PM
පිටබැද්දර ජයෝ, ඔය සල්ලි පිල්ලි ගහනකොට දෙවියෝ හිටියේ කොහේද? (නි)
ඈන් Monday, 20 April 2015 03:21 PM
දෙවියෝ බලාගෙනයි ඉන්නේ. දැන් ඉඳලා ආත්ම ගානක් ගත්ත ඒවට ගෙවන්න වෙයි. (නි)
දුමින්ද Monday, 20 April 2015 04:05 PM
තාම නටපු තොවිලෙකුත් නැහැ-පමණි බෙර සද්දේ (නි)
ජිම් Monday, 20 April 2015 05:00 PM
බැංකු ගිණුම් 80ක්? මගේ අම්මෝ මොකටද මෙච්චර ගිණුම්? (නි)
විජේසුන්දර Monday, 20 April 2015 05:05 PM
මේ වෙනසේ කෙරුවාව දැන් දැන් රටේ සියලුම ජනතාවට ඉතා හොඳින් තේරුම් යමින් තිබෙනවා. පැහැදිලි අරමුණක් නැතිකම තුළ රටම අන්දමන්ද වෙලා. රටේ ස්ථාවරත්වය ගිලිහී අරාජික වේදැයි බියක් අප සිත් තුළ පවතී. (නි)
තිලක් us Monday, 20 April 2015 06:44 PM
ටෙනිසන් දෙයියොත් බයවෙලා හිටියේ සුදු වෑන් නිසා. (අ)