IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්දගේ ආරක්ෂකයෝත් මැකෝට අඳිති

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ යටිනුවර ඡන්ද ප්‍රචාරක රැස්වීමකට දමා තිබූ අමුතු වර්ගයේ කොඩිවල ඡායාරූප ගන්නට ගිය මාධ්‍යවේදීනට හිටපු ජනපතිගේ ආරක්ෂකයන් බව කියන පිරිසකගේ අත් අඩංගුවට පත්වීමට සිදුවිය. එම ආරක්ෂකයෝ අපේ ඡායාරූප ශිල්පියාව තවත් ආරක්ෂකයන් පිරිසක් සිටි තැනකට රැගෙන ගොස් කැමරාව ඔවුන් භාරයට ගෙන එම කොඩි කනුවලින් ගලවන තෙක් ඔහු රඳවා ගත්හ.

පොලිස් ආරක්ෂකයන් බව කියන එම පිරිස ඔහුට අනියමින් තර්ජනය කළේ එම පින්තූර පළ නොකරන ලෙසයි. ‘රැස්වීමේ සංවිධායකවරු ඒ කොඩි එල්ලා තිබෙනවා. එම කොඩි එල්ලීමේ තේරුමක් නැති බව අපි කිව්වා.‘

මැද සිංහයා සිටින කොන් හතරේ බෝපත් ඇති එම කොඩි මීට පෙර අල්ලස් කොමිසම ඉදිරිපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පක්ෂ උද්ඝෝෂණයකදී ප්‍රදර්ශනය කෙරිණි.

ජාතික කොඩිය අවභාවිතා කරතියි එහිදී එම කණ්ඩායමට විරුද්ධව චෝදනා එල්ල විය. යටිනුවරදී අපේ ඡායාරූප ශිල්පියා අත් අඩංගුවට ගත් පොලිස් ආරක්ෂකයන් ඔහුට කීවේ එම ඡායාරූප පුවත්පතේ පළ නොකරන ලෙසයි. ‘මේවා දැක්කොත් එතුමා (මහින්ද රාජපක්ෂ) මේ රැස්වීමටත් එන එකක් නෑ‘

vlcsnap-2015-07-26-23h47m50s80 vlcsnap-2015-07-27-00h15m29s210

vlcsnap-2015-07-26-23h48m00s184 vlcsnap-2015-07-27-00h15m20s136-(1) vlcsnap-2015-07-27-00h15m20s136

 

 

 

ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ



අදහස් (0)

මහින්දගේ ආරක්ෂකයෝත් මැකෝට අඳිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site