IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මිහින්තලේ හිමිගේ පැමිණිල්ලට පොලිස්පතිගෙන් නියෝගයක්

(උපාලි ආනන්ද) 


පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාට නියම කළේය.
නොබෝ දිනකින් එළඹෙන පොසොන් උත්සවය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඇතැයි කියමින් මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමිපාණන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා එලෙස නියම කළේය.
පොසොන් උත්සවය ආසන්නයේ දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් මිහින්තලයට පැමිණ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි බව කියමින් සැකකරුවන් සහ සැකකාරියන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගනිමින් මිහින්තලා විහාරාධිපති හිමිපාණන් පොලිස්පතිවරයාගෙන් එලෙස ඉල්ලීමක් කර ඇත.

 



අදහස් (5)

මිහින්තලේ හිමිගේ පැමිණිල්ලට පොලිස්පතිගෙන් නියෝගයක්

රංබොඩ Thursday, 13 June 2024 09:23 AM

ඒක හොඳයි . හෙළ බොදු සංස්කෘතිය විනාශ කරන්න බොහෝ අය දත නියවනවා. එන්.ජී.ඕ. වලින් සල්ලි ගන්න අය ප්‍රමුඛයි.

:       28       21

සෙනෙවිරත්න Thursday, 13 June 2024 10:44 AM

රංබොඩ, ඔය පුදබිම විනාශ කරන්නෙ එන් ජී ඕ කාරයො නෙවෙයි ,ඔය හැරෙන හැරෙන පැත්තට වාචාල කට හරවන මහ උන්නාන්සෙම තමයි. කලින් රාජපක්ෂල හැර වෙන කෙනෙක් නැහැ කියල දැන් විරසක වෙලා සජිත් අල්ලගෙන.ඔය කියන පුද්ගලයන් ඇවිත් මෙයාට වෙඩි තියල මොනව ගන්නද? මෙච්චර බෞද්ධ රටේ හිමිනමකට වෙඩි තියනව නම් ඒක උන්නාන්සෙලාගෙම වරද තමයි.

:       3       36

සෙනෙවිරත්න Thursday, 13 June 2024 10:45 AM

එන් ජී ඕ මන්තරේ මැතිරුවට ආගම විනාශ කරන්නෙ ආගම අදහන අයම තමයි

:       4       33

ගමේ එඑකාලා Thursday, 13 June 2024 06:14 PM

චීවරධාරියන්ගේ කෙරුවාවල් ගැනත් අපි හොඳාකාරවම දන්නවා...!

:       0       0

වීර Friday, 14 June 2024 07:36 AM

ඕක දෙරණ නයා පාර්ට් 2 දැන් මිනිස්සු අන්නදන්න බෑ. මිහින්තලේම අපිරිසිදු කරන අයව එළවලා හිරේ දාන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site