(මනෝප්‍රිය ගුණසේකර)
පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අධිකරණ සේවා කොමිසමට බලකිරීම ඇතුළු යෝජනා පහක් අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) විසින් සම්මත කරගනු ලැබ ඇත.
රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයේ කටයුතු කිරීමෙන් යළි පිරිමසාලිය නොහැකි හානියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන අධිකරණ සේවා සංගමය ඒ මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් ඉවත් කරනතුරු ඔහු එම තනතුරේ කටයුතු කිරීමෙන්ද ඉවත් කරන ලෙසද සම්මත කරගන්නා ලද යොජන පහ අතර වේ.
පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ දිසා අධිකරණයේ පැවැත්වු විශේෂ මහා සභා රැස්වීමට අධිකරණ සේවා සංගමයේ සාමාජිකත්වය දරණ දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාවරුන් 125 දෙනෙක් සහභාගීවූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහාධිකරණ විනිසුරු ඉවත් කරන්නැයි විනිසුරුවරු ඉල්ලති
Ananda de silva Sunday, 02 April 2017 08:53 AM
ජේ. ආර්. 1977 දී නෙවිල් සමරකෝන් මහතාව අග විනිසුරු ලෙස පත් කලා. ඔහු කවර හෝ අධිකරණයක වත් තනතුරු දැරූ අයෙකු නොවේ! එම පූර්වාදර්ශය අනුව මෙහිදී කටයුතු කල නොහැක්කේ මන්ද?
Ranjith Silva Sunday, 02 April 2017 03:56 PM
එකත් වැරදි තමයි. මේකත් වැරදිය.
nimal Monday, 03 April 2017 05:49 AM
ජනාධිපතිතුමාගෙන් තාම ප්‍රතිචාරයක් නැ වැඩ වැඩි ඇති නේද