(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මුහුදු වැලි සෝදා පැකට් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිපාලිත සමාගමකට 2019 වර්ෂයේදී දුන් රුපියල් කෝටි 50කට ආසන්න ණය මුදලක් නැවත අයකර ගැනීමට නොහැකිවීමෙන් විශාල පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
වෙළෙඳපොළ ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන් එම මුහුදු වැලි පැකට් කිරීමේ ව්‍යාපෘතියද එය ආරම්භ කළ වර්ෂයේම නතරවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මුහුදු වැලි සෝදා පැකට් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් පරිපාලිත සමාගම රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් වැය කර තිබුණු කියති. මේ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් රුපියල් කෝටි 20ක් සියයට 12 ක ණයක් ලෙසද රුපියල් කෝටි 11ක් අත්තිකාරමක් ලෙසද ලබා දී තිබූ අතර ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ද එම සමාගමෙන් රුපියල් කෝටි 14 ට වැඩි මුදලක් සංස්ථාවට අය විය යුතුව තිබූ බව විගණන අංශ පෙන්වා දෙයි.
මේ කිසිදු මුදලක් ගෙවීමට මූල්‍ය ශක්‍යතාවක් ඒ සමාගමට නොතිබූ බව නිරීක්ෂණයවී යැයි විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදු වැලිත් එක්ක කෝටි 50 සේදිලා