IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුහුද මැද නගරයේ පරිසර වාර්තාවක් ඉල්ලයි

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පරිසර අධ්‍යාපන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් 08 වැනිදා තෙක් අභියාචනාධිකරණය නීතිපතිට කල්  දුන්නේය.

ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ අධිකරණය මේ බව දැනුම් දී ඇත.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා ප්‍රකාශ කළේ පරිසර අධ්‍යාපන වාර්තා ඇතුළු අනෙකුත් තාක්ෂණික වාර්තා ලබාගැනීම සඳහා කල් අවශ්‍ය බවයි. එහෙයින්  කල් ලබාදෙන ලෙස හෙතෙම අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම ඔක්තෝබර් මස 08 වැනි දා යළි කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදිනට අදාළ කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිට නියම කළේය.

 



අදහස් (0)

මුහුද මැද නගරයේ පරිසර වාර්තාවක් ඉල්ලයි

සිල්වා Thursday, 10 September 2015 05:25 PM

පෝර්ට් සිටි ව්‍යාපෘතිය කරගෙන යන්න ඕනෑ. ඒ තුළින් සංචාරක ව්‍යාපාරයට ලොකු පිටුවහලක් වෙනවා. ලෝකේ මෙවැනි ව්‍යාපෘතීන් 135 කට වැඩිය කරලා තියෙන්නේ. ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය හදලා තියෙන්නේ මුහුද ගොඩකරලා. පරිසරය ගැන ලොකුවට කතාකරන අයට රට තුළ වෙන විනාශය පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

පුෂ්ප Thursday, 10 September 2015 11:53 AM

පරිසරය ඉතා වැදගත්. නමුත් තිරසාර සංවර්ධනය කියන්නේ පරිසරය, ආර්ථිකය, සමාජීය සහ සංස්කෘතික කියන අංශ හරියට සමතුලිත වුණොත් තමයි. උදාහරණයක් ලෙස පරිසරය පමණක් හොඳින් රැකගෙන ගල්ගුහා වලට වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම පරිසරය විනාශ කර දමා දුම් සහිත කොන්ක්‍රීට් වනාන්තර වල ඉන්නත් පුළුවන්. කවුරුත් මේක තේරුම් ගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site