
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර සාකච්ඡාවක් බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී අද(14) පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර කෘෂිකාර්මික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් මෙම හමුව පැවැත්වුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
හරිතාගාර වගාවන් සහ සුහුරු කෘෂිකර්මාන්තය (Smart Agriculture) පිළිබඳව මෙහිදී චීන තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමුව තිබේ.
චීනය මේ වන විට ජංගම යෙදවුම් හරහා වගාවට උචිත පස, ආර්ද්‍රතාවය ඇතුළු සියලු පරිසර තත්ත්වයන් මැන ගනිමින් කෘෂිකාර්මික කටයුතු හැසිරවීමේ තාක්ෂණය දියුණු කර ඇති අතර, එම තාක්ෂණික සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට මෙම සාකච්ඡාවේදී කැමැත්ත පළ කළේය.
එමෙන්ම, මුහුදු ජලයේ පවා වගා කළ හැකි දියුණු දෙමුහුන් වී ප්‍රභේද මෙන්ම වියළි හා තෙත් කාලගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි ඉඩම් සකස් කිරීමේ තාක්ෂණය ද චීනය සතුව පවතින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය. සේවා, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන අංශ තුනම එකිනෙකට සම්බන්ධ කරමින් සමගාමී සංවර්ධනයක් කරා ගමන් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයෙන් අපට ලබාගත හැකි උප දේශ අති මහත් , අපේ හොද ආධාර කරුවෙක් ඇමති තුමා එම ප්‍රයෝජනය ගන්න
ෆොටෝ විතරයි හැමදාම. වීඩියෝ මුකුත් දාන්නේ නෑනේ. ඒත් ස්ටේජ්වල පච කියන ඒවා නම් දානවා.
චීනයේ කාන්තාර ඇත. ඒවායෙ වගාකර ලෝකෙටම කන්න දෙන්න පුළුවන් කියල හිතෙනවා. එසේ වුවහොත් විදේශ වෙළඳාමේ ප්‍රශ්නද මතු වෙන්න පුළුවන්. ලංකාවේ භූමිය විශාල නොවන බැවින් යෝජනාව ගැන හොදින් කල්පනා කරොත් හොඳයි කියල හිතෙනවා. ලංකාව වැසි ජලය හොන්දින් කලමණාකාරනය කරන්නෙ කොහොමද කියල කල්පනා කරොත් හොඳයි කියල හිතෙනවා. නලලිං තාවකලික ආදේශකයක් වුවත් භූගත ජලය අනවශ්‍ය ලෙස භාවිතා නොකරොත් හොඳයි කියල හිතෙනවා.
රටට ගැලපෙන, වැඩදායක නවීන ක්‍රමයට වගා කිරීමෙ තාක්ශනයෙන් උපරිම ප්‍රයොජන ගන්ට අප පසුබට විය යුතු නැහැ. චීනය ලොකයේ සහල් නිශ්පාදනය කරන රටවල් අතරින් ඉතා ඉදිරියෙන් ඉන්නා රටක්.