IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුහුදු කූඩැල්ලන් 10,000ක්-සැකකරුවන් 5ක් හමුදා භාරයට

 

(යොහාන් භාසුර)

වෙත්තලකේනී කුඩෙයිරිප්පු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව කිමිඳුම් කටයුතු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් සහ මුහුදු කූඩැල්ලන් 10,000 ක පමණ තොගයක් භාරයට ගත් බව නාවික හමුදා පැවසීය.  

උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් මැරීන් කණ්ඩායමක් වෙත්තලකේනී කුඩෙයිරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රී කළ විශේෂ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ එම මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු කරමින් සිටි මෙම පිරිස සහ භාණ්ඩ භාරයට ගත් බවත් එම පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 35 ත් අතර වයස්වල පසුවන කුච්චවේලී ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ගත් බවත් නාවික හමුදාව කීය.

සැකකරුවන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය, තලයඩි ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දුන් බවද නාවික හමුදාව සඳහන් කරයි.



අදහස් (0)

මුහුදු කූඩැල්ලන් 10,000ක්-සැකකරුවන් 5ක් හමුදා භාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site