IMG-LOGO

මුහුදේ උපන් කුමරා බේරා ගනිති

අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවිය. අලුත උපන් බිලිඳා, මව සහ බෝට්ටුවේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට, ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ කටයුතු කළහ.  

ඩිංගි බෝට්ටුව, පළමුවෙන් හමුවූයේ වෙනත් යාත්‍රාවකටය. ඒ, ස්පාඤ්ඤයට අයත් ලැන්සරෝට් කුඩා දූපතට ඔබ්බෙන් මුහුදෙනි. ඔවුන් ඒ බව ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට දුන්නේය. වෙරළාරක්ෂකයන් පැවැසුවේ, කුඩා ඩිංගි බෝට්ටුවේ ගැහැනු සහ පිරිමි පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් සිටි බවය.

අලුත උපන් බිලිඳා සහ මව තමන්ට හමුවෙද්දී, මව බෝට්ටුවේ පිරිස අතරේ වැතිර සිටි බවත්, බෝට්ටුවේ සිටි පුද්ගලයකු බිලිඳා වඩාගෙන සිටි බවත් ස්පාඤ්ඤ වෙරළාරක්ෂයෝ පැවැසූහ. 

බිලිඳකු සිටින බව වෙරළාරක්ෂකයන්ට දැනුම් දුන් විගස, බිලිඳාටත්, බිලිඳාගේ මවටත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ පියවර ගත්හ. බිලිඳා සහ මව ලැන්සරෝට් දූපතේ වෛද්‍ය මධ්‍යස්ථානයකට හෙලිකොප්ටරයකින් යැවීම සිදුවිය. 
ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට, බිලිඳා හමුවූයේ ස්පාඤ්ඤය, ක්‍රිස්තියානු නිවාඩු දිනය සමරද්දීය. ඒ වනවිට බිලිඳා උපත ලබා මිනිත්තු 10 ක් හෝ 15 ක් යද්දීය. ස්පාඤ්ඤ වැසියන්, ‘එපිෆනි’ නමැති මෙම නිවාඩු දිනය සමරන්නේ, ජේසු බිලිඳාට තෑගි රැගෙනා ආ රජ තුන්කට්ටුවට ගරු කිරීමක් වශයෙනි. 

එපිෆනි නිවාඩු දිනය දා සංක්‍රමණික බෝට්ටුවෙන් අලුත උපන් බිලිඳකු හමුවීම සුවිශේෂී සිදුවීමක් බව ස්පාඤ්ඤ බලධාරීහු පසුව පැවැසූහ. එපිෆනි නිවාඩු දිනය සැමරෙන්නේ ස්පාඤ්ඤයේ කුඩා දරුවන්ට තෑගි බෝග ලබා දෙමිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මුහුදේ උපන් කුමරා බේරා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 481 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 917 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site