එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද පෙරවරුවේ වැඩ භාරගත්තේය.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානයේ දී අද පෙරවරු 11.15ට පමණ ඔහු සිය ධුරයේ රාජකාරී ඇරඹීය.
සන්ධානයේ වැඩබලන මහලේකම් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පසුගිය 14 වැනිදා පත්කරනු ලැබීය.
සන්ධාන මහලේකම්වරයාව සිටි සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙරදින ඉල්ලා අස්විය. මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය වෙත ආරාධනා කර නොතිබූ අතර එය දැනගත් මාධ්‍ය ආයතන කිහිපයක් එහි ගොස් ඇතත් වැඩභාරගත් ස්ථානය වෙත යාමට ඔවුන්ට අවසර ලැබී නැත.
වැඩභාර ගැනීමෙන් පසු විශ්වා වර්ණපාල මහතා මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පමණක් පිළිතුරු දුන් බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහැදුරු වර්ණපාල වැඩ බාර ගනී
දුමින්ද Wednesday, 26 August 2015 11:59 AM
ඔබ තුමාට අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)
සකුන්තලා Wednesday, 26 August 2015 08:53 AM
වර්ණපාල තියරිය මේකටත් දාන්න ඇති නේද ? පේරාදෙණියේ කැම්පස් එකෙනේ (ම)
රෝහණ Wednesday, 26 August 2015 10:12 AM
වර්ණපාල මහතා පස්සාදොරෙන් වැඩ බාර ගැනේ (අ)