මැද පෙරදි රටවල සහ දකුනු කොරියාවේ සීග්‍රයෙන් පැතිර යන දරුණු ශ්වසන රෝගයක් වන ‘‘මැද පෙරදිග ශ්වසන රෝග ලක්ෂන කොරෝනා (මර්ස්) වෛරසය‘‘ ආසාදනයෙන් ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කිරීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ ආරක්ෂණ වැඩපිලිවෙලක් පැය 24 පුරාම ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පී.ජී මහීපාල මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ අද දහවල් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ගුවන්තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබු අතර එහිදී මර්ස් කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම සඳහා ගුවන්තොටුපොළ වෛද්‍ය ඒකකය විසින් කරනු ලබන කාර්්‍යය භාරය පිළිබඳව දැනුම්වත් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ 2012 වසරේදී මෙහි මුල්ම ආසාදිතයා සෞදි අරාබියෙන් වාර්ථා වු බවත් මේ වන විට දකුණු කොරියාවෙන් රෝගීන් 187ක්්, චීනයෙන් සහ තායිලන්තයෙන්ද එක් රෝගයෙක් බැගින් වාර්ථා වී ඇති බවයි. තවද මේ වන විට මර්ස් වෛරසය ආසාදිත මරණ 35 ක් වාර්ථා වී ඇති බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකාවට මෙම වෛරසය බෝවීමට බොහෝ විට ඉඩ කඩ ඇත්තේ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගෙන් බැවින් ගුවන්තොටුපොළ භාවිතා කරන ගුවන් මගීන් අත් පත්‍රිකා මගින් දැනුම්වත් කිරීම් ආරම්භ කර ඇති බවත් මැදපෙරදිග, කොරියාව වැනි රටවල් වලින් පැමිණෙන ගුවන් මගීන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ගුවන්තොටුපොළ තුළ දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කර ඇති බවත් කීවේය.
ඒ සඳහා ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ වෛද්‍යවරු පස් දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවත් යම් ගුවන් මගියෙකු මාස් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ වන උන, කැස්ස, හුස්ම ගැනීම අපහසු කම් ඇති නම් වහා පරීක්ෂා කර ප්‍රථීකාර සඳහා අයි.ඩී.එච් උණ රෝහළට රැගෙන යාමට පැය 24 පුරා ගිලන් රථයක්ද සුදානම් කර ඇති බවත් කීය. එමෙන්ම අයි.ඩී.එච් රෝහළෙහි එලෙස රැගෙන යන රෝගීන් වෙනුවෙන් සියළු පහසුකම් සහිතව විශේෂ ප්‍රතිකාර ඒකකයක් ඇති බවත් කීවේය.
මාර්ස් වෛරස් ආසාදිත රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ගුවන්තොටුපොළ තුළ ආරක්ෂිත උපකරණ කට්ටල අවශ්‍ය තරම් ඇති බවත් කී මහීපාල මහතා වැඩිදුරටත් පැවසුවේ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සියළු ගුවන්මගීන්ගේ දත්ත රැගෙන ඒවා ඔවුන් පදිංචි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යල වලට යවා තවදුරටත් පසු විපරම් කරණ බවයි.
මෙම අවස්ථාවට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ආනන්ද විමලසේන, වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පළිහවඩන, අධ්‍යක්ෂක නිරෝධායන වෛද්‍ය එල්.බී.එච් දෙනුවර, ප්‍රජා වෛද්‍ය විශේඥ ඉරේෂා දසනායක, ගුවන්තොටුපොළ වෛද්‍ය නිලධාරී ඒ.සී.එල් සල්ගාදු මහතා ඇතුළු ගුවන්තොටුපොළ වෛද්‍ය කාර්ය මන්ඩලය ඇතුළු සෞඛ්‍ය පරීක්ෂකවරු ද එක්වුහ.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිහිතලේ කොරෝනාවට වැට බඳින හැටි මහීපාල කියයි
මහේෂ් Friday, 10 July 2015 11:54 AM
මේ කරන දේ හොදයි.(හේ)
පිවිතුරු යහපාල Friday, 10 July 2015 10:51 AM
මහින්ද මහත්තයාට ජය වේවා (ම)
කසුන් Friday, 10 July 2015 10:53 AM
ඔබලාට අපේ උත්තමාචාරය. (ම)