IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෙහෙණි සසුනට 33 දෙනෙක්

ආචාර්ය කොළොන්නාවේ කුසුමා මෙහෙණියගේ අනුශාසකත්වය යටතේ කාන්තාවෝ 33 දෙනෙක් හෙට්ටියාදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදී පසුගියදා මෙහෙණි සසුනට ඇතුළත් වූහ.

කුසුමා තෙරණිය හොරණ ආර්ය ඛේමා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපතිනියයි. වේවැල්දෙණියේ අනුපමා නමින් මෙහෙණි සසුනට එක්වූ ඒ.වී.ලියනගුණවර්ධන (48) මහත්මිය ඇගේ සියලු දේපළ ඇතුළු අංග සම්පූර්ණ දෙමහල් නිවසක් හා රුපියල් කෝටි තුනක් වටිනා ඉඩමක්ද බුද්ධ ශාසනයට පූජා කළාය. පොතුවිල උත්පල ධම්මදානී තෙරණිය නමින් මෙහෙණි සසුනට එක්වූ උදේනි ප්‍රියදර්ශනී මහත්මිය (34) ලෙස ශාසනයට ඇතුළු වූවාය. ඇය තාවකාලික පැවිද්ද ලබා වර්ෂයක් පමණ භාවනාව ප්‍රගුණ කළාය.

වයස අවුරුදු 19ක් වූ ලාබාල යුවතියක් සහ 23,38,61,70 හා 75 වියෙහි පසුවන තවත් පිරිසක් මෙහිදී පැවිදි දිවියට පත්වූහ.

කැටවල හේමාලෝක තෙරුන් පැවසුවේ උන්වහන්සේ මෙම ශාසනික ක්‍රියාව සංවිධානය කළේ ඉමහත් බාධක මධ්‍යයේ බවයි. මෙම ක්‍රියාව නිසා දැඩි විවේචනද එල්ලවූ බව ඒ හිමියෝ පැවසූහ. මේ වර්ෂයේදී තවත් 50 දෙනකු සසුනට එක්වීමට නියමිත බවද උන්වහන්සේ පැවසූහ.

බෙංගමුවේ නාලක හිමි ඇතුළු සංඝයා වහන්සේලාද, බැතිමත්හු 1500ක් පමණද ඊට සහභාගී වූහ.

DSC_0027 DSC_0044



අදහස් (0)

මෙහෙණි සසුනට 33 දෙනෙක්

මධු Monday, 02 February 2015 02:17 PM

දැනට ලෝකයේ ධනවත්ම ආගම. එය රැකගැනීමට දායක වු ඔබට පින් (නදී)

:       0       0

ගයාන් එස්.විතරාණ Monday, 02 February 2015 02:57 PM

සාදු සාදු සාදු (නදී)

:       0       0

කොචාහිල් Monday, 02 February 2015 04:31 PM

මේක ඉතා යහපත් දෙයක්. සාධු කියා පින් අනුමෝදන් වෙනවා. ඒත් මේ මෙහෙණින් වහන්සේලා හොඳට පුහුණු කරවන්න ඕනෑ. හරි මාර්ගයේ යවන්න ඕනෑ. (නි)

:       0       0

ලසන්ත Monday, 02 February 2015 04:34 PM

හේමාලෝක හිමි කවදත් ධර්මයට සේවාවක් කරන හිමිනමක් (නි)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 11:42 AM

සසර ගමන කෙටිකරන මඟකදී මොන බාධක ආවත් ජයගත යුතුයි (නි)

:       0       0

කුමාර් Monday, 02 February 2015 12:42 PM

සාදු..සාදු...සාදු....!!! බුදුසසුන සදා බැබළේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site