(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මහජන සේවා සැපයීම සඳහා හඳුන්වා දී ඇති දුරකථනවලින් සියයට 71 ක් නිසිපරිදි ක්‍රියාත්මක නොවන්නේ යැයි පේරාදේණිය විශ්වවිද්‍යාලය කළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ.
රාජ්‍ය ආයතනවල ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති දුරකථනවලින් සියයට 29 ක් පමණ නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් දුරකථන සියයට 22 කට කිසිඳු නිලධාරීයෙක් ප්‍රතිචාර නොදක්වන බවත් පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
එම සමීක්‍ෂණයට ලක්වූ ප්‍රාදේශීය සභා 98 න් සියයට 14 ක දුරකථන අක්‍රීය බවත් සියයට 42 ක් පමණක් ප්‍රතිචාර දක්වන අතර සියයට 45 ක් ප්‍රතිචාර නොදක්වන බවත් මහාචාර්යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොඳද .මම හිතුවේ 100% ම වැඩ නෑ කියලා.29% වැඩ කරන එක කොච්චර දෙයක්ද ?
ලංකා බෙල් දුරකථන තිබූ රාජ්‍ය ආයතනවල දුරකථන දැන් අක්‍රීයයි. ඔවුන් කිසිම දැනුම්දීමක් නොකර සේවය නවතා දැම්මේ. විදුලි සංදේශ නියාමන කොමිසම නිදියගෙනද? නැතිනම් ජරාව කාලා අවසර දීලාද?
ප්‍රතිචාර දක්වන අයත් කතාකරන්නේ කිසිම ශිෂ්ඨ සම්පන්න විදියට නෙවෙයි. මුලින්ම එයාලාට කියලා දෙන්න ඕනෑ. කොහොමද වැදගත් විදියට කතා කරන්නේ කියලා...!