IMG-LOGO

මහජන සෞඛ්‍ය පරීක්ෂක අල්ලස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

කරදිය නාරු ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විසින් ඉදිකරමින් පවතින නව නිවස පරික්ෂා කර එහි සැලසුම අනුමත නොකර ඉඳිකිරීම වරදක් බවට පවසා ඒ සඳහා නීති මඟින් කටයුතු කළහොත් රුපියල් 50000/= ක දඩයක් නියම වන බවට දන්වා එය සිදු නොකර ඉදිකරමින් පවතින නිවස බාධාවකින් තොරව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා රුපියල් 12000/= ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.

ඒ සඳහා පැමිණිලිකාරිය ඉදිකරමින් පවතින නිවස ආකාරයටම සැකකරු විසින්ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කරදීමට එකී මුදල ඉල්ලා එම මුදලින් රුපියල් 5000/= ක් මුලින් ලබාගෙන ඉතිරි මුදලින් රුපියල් 6000/= ක් පමණක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කරදිය නාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරිසකවරයකු ලෙස සේවය කරන සැකකරු පැමිණිලිකාරියගේ නිවසේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (1)

මහජන සෞඛ්‍ය පරීක්ෂක අල්ලස් දැලේ

Janii Wednesday, 30 April 2025 08:08 AM

සෞඛ්‍ය පරීක්ෂක ට නිවාස සැලසුම් අදින්න බලයක් නෑනෙ. මිනිස්සු ඒක දැනගන්න ඕන ඔක්කොටම කලින්. දැන් නිවාස සැලසුම් අදින්න බලය තියෙන්නේ architect සහ building drafting technologist ලට විතරයි

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site