(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමේ පියවරක් ලෙස අවම වශයෙන් තවත් දින 10 ක් වත් යනතුරු ප්‍රසිද්ධ මහජන රැළි හා ජනතාව රැස්කරවන ප්‍රචාරක වැඩසටහන් පැවැත්වීමෙන් වළකින ලෙස සියළුම දේශපාලන පක්ෂවල නායකයන්ගෙන්, අපේක්ෂකයන්ගෙන් හා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නාමයෝජනා ශාලාව අවට ආධාරකරුවන් රැස්කිරීමෙන් කැඳවීමෙන් හා පෙළපාලි යෑමෙන් වළකින ලෙසද එම නිවේදනයේ සඳහන් වේ.
නාමයෝජනා භාරදීමට පැමිණෙන අවස්ථාවේදී ඒ සඳහා නීතියෙන් බලයලත් පුද්ගලයන් පමණක් නාමයෝජනා ශාලාව තුළට පැමිණෙන ලෙසද දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගෙන්, බලයලත් නියෝජිතයන්ගෙන් සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.
නාමයෝජනා භාරදීම සඳහා බලය ඇති ලේකම්වරයා, බලයලත් නියෝජිතයා හෝ ස්වාධීන කණ්ඩායම් නායකයා සහ නාමයෝජනා පත්‍රයේ දෙවැනි නම සඳහන් තැනැත්තාට නාමයෝජනා ශාලාව තුළට පැමිණිය හැකි අතර අවශ්‍යනම් එක් සහායකයෙක් පමණක්ද නාමයෝජනා ශාලාව තුළට පැමිණිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘මහජන රැළි - ප්‍රචාරක වැඩසටහන් පැවැත්වීමෙන් වළකින්න‘