(තිළිණි ද සිල්වා සහ යොහාන් භාසුර )
පවතින ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ මහජන බැංකු ශාඛා 17 ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7 ක් ද අද (28) දිනයේ වසා තිබුණි.
මෙම හදිසි වසා දැමීම් පිළිබඳව මෙම බැංකු ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ගණුදෙනුකරුවන් වෙත දැන්වීය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පැටිපොළ, කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද සහ සොයිසාපුර, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල, හම්බන්තොට සහ සයුරුපාය, මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාකඳුර, කොබෙයිගනේ, කටුපොත බොරලුවැව සහ පන්නල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ සහ මොල්ලිපොතාන යන මහජන බැංකු ශාඛා මෙලෙස වසා ඇත.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පිටකොටුව, දෙහිවල, තලවතුගොඩ සහ බොරැල්ල, වැල්ලවාය, කුලියාපිටිය සහ දංකොටුව යන ශාඛාවන් ද ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ ඊයේ දිනයේ වසා තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මහජන බැංකුවේ ශාඛා 17ක්:ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් වසයි
sumudu Wednesday, 28 April 2021 03:03 PM
සෙලාන් බැංකුව පිළියන්දල ශාඛාවත් කොරෝනා රෝගයට කාර්යමණ්ඩල සාමාජිකයකු ගොදුරු වීම නිසා අද ජනතාවට වසා තිබුණා...