(යොහාන් භාසුර)
මහජන උපයෝගිතා කොමිසම 2002 අංක 35 දරණ පනතින් ස්ථාපිත කළේ මහජනතාවට සේවය කිරීමට මිස වෙනත් ආයතන වෙනුවෙන් පෙනී සිටීමට නොවන බවත් මහජන උපයෝගිතා කොමිසම සමස්තයක් වශයෙන්ම ජනතාව වෙනුවෙන්ම පිහිටුවූ ආයතනයක් බවත් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අද (15) පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම අද (15) පැවැත්වූ මහජන අදහස් විමසීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසීය.
එම කොමිසම පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලය දුන් වැරදි පුරෝකථන සහ වැරදි දත්ත මත පදනම්ව කටයුතු කළ බව කී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇත්ත වශයෙන්ම මහජන උපයෝගිතා කොමිස විදුලිබල මණ්ඩලය දෙන ඕනෑම දෙයකට සීල් එක ගහන ආයතනයක් ලෙස කටයුතු කළ බව ද සඳහන් කළේය.
විදුලි ගාස්තුව සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඉලක්කම දෙස බැලීමේදී එය කළ හැකි යැයි කරුණු ජාතික ජනබලවේගය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බවත් ජයතිස්ස මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
243
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන කොමිසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි
සත්‍යපාල Friday, 16 February 2024 09:27 AM
ඔය කොමිසමේ මණ්ඩලයේ ආදායම් වියදම් ගැන කිසිම තොරතුරක් නැහැ කියලා හිතෙනවා ඉතින් මණ්ඩලය දෙන තොරතුරු සත්‍යම දේවල් කියලා සීල් ගැසීම කරනවා ඇති ඒ නිසා මණ්ඩලයේ දත්ත පද්ධතියේ බැකප් එකක් ඔය කොමිසමේ හා අමාත්‍යාංශයේ තිබුනොත් පාරිභෝගිකයන්ට සේවයක් කරන්න ඇමතිට හා කොමිසමට පුළුවන් වේවි කියලා හිතෙනවා