IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහජන එක්සත් පෙරමුණේ පෙත්සම විභාගයට

පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් දෙවැනිදා සලකා බැලීමට ශ්‍රේෂඨාධිකරණය අද (10) තීන්දු කළේය.

අදාළ පෙත්සමෙහි නොතීසි එහි වගඋත්තරකරුවන්ට ලැබී නොතැබීම නිසා පෙත්සම සලකා බැලීම මෙලෙස කල් තබන ලදී.

මෙම පෙත්සම වැඩබලන අගවිනිසුරු චන්ද්‍රා ඒකනායක, ප්‍රියසාත් ඩෙප්, සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රීපුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (10) කැඳවිණි.

පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල ,හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එම සන්ධානයේ සාමාජික පක්ෂ වල ලේකම්වරු,එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වී ජාතික ලැයිස්තුවට නම් කර සිටින මන්ත්‍රීවරු ඇතුළු 49 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

පරාජිත අපේක්ෂකයින් හත් දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා අගෝස්තු 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසත්,එම ගැසට් නිවේදනයේ නම් සඳහන් අය ඡන්දයෙන් තේරී පත්වූ අපේක්ෂකයින් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යවස්ථාව මඟින් මැතිවරණ කොමසාරිස්වරයාට පැවරී ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළත් මහජනතාවගේ සර්වජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ බලධාරියා වන මැතිවරණ කොමසාරිස්වරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙවැනි ජාතික ලැයිස්තුව පිළිගැනීමෙන් ජනතාවගේ සර්වජන අයිතිය උල්ලංඝනය කර ඇතියිද සඳහන් වේ.

එබැවින් මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පිළිගැනීම නිසා මැතිවරණ නොමසාරිස්වරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10,12(1), 12(2) , 14(1) (ආ) යන ව්‍යවස්ථා මඟින් සහතික කර ඇති මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති හෙයින් මෙම පෙත්සම විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විශේෂ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවන ලෙසද පෙත්සමින් ඉල්ලා ඇත.

තවද පරාජිත අපේක්ෂකයින් හත්දෙනෙකු ඇතුළත්ව සැකසූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කරමින් ඉකුත් 21 වැනිදා මැතිවරණ කොමසාරිස් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයිද පෙත්සම්කරු ඉල්ලා සිටී.

 



අදහස් (0)

මහජන එක්සත් පෙරමුණේ පෙත්සම විභාගයට

ජයසේන Friday, 11 September 2015 01:10 PM

කොට්ඨාස ක්‍රමය අවහම ඔයගොල්ලන්ට යන එන මන් නැහැ. (අ)

:       0       0

ගුණදාස Friday, 11 September 2015 09:28 PM

අන්ත පරාජයට පත් උන කට්ටියට ලැජ්ජාවක් එහෙම නැහැ වගේ. ලැජ්ජා තියෙනවා මෙහෙම වෙයිද ? (නදී)

:       0       0

ඉර්ෆාන් Friday, 11 September 2015 12:15 PM

හැමදාම නොමිලේම මැතිසබයට එන්නේ නැතුව තනියෙන් ඡන්දය ඉල්ලා එන්නකෝ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site