IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මෙහෙකාර කත රැවටූ අයෙක් අත්අඩංගුවට

(පානදුර සුමිත් පොතුපිටිය)

නිවසේ මෙහෙකාර සේවය කළ  63 හැවිරිදි කාන්තාවක රවටා හෝටල් කාමරයකට කැටුව ගොස් රන්මාලය සහ ජංගම දුරකථනය සහිත අත්බෑගය සොරකම් කළ 42 හැවිරිදි  පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි. 

පැමිණිලිකාර කාන්තාවක කළුතර ප්‍රදේශයේ පදිංචි කාරියක බවත් ඇය කොළඹ ප්‍රදේශයේ නිවසක මෙහෙකාර කමට ගොස් දෛනිකව දුම්රියෙන් නිවස කරා යමින් සිටියදී එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි  සැකකරුව හදුනාගෙන දෙදෙනා පෙම්වතුන් වී ඇති බවත් උසස් පොලිස් නිළධාරියකු කීය.

සැකකරු පසුගිය දිනක පැමිණිලිකාර කාන්තාව පානදුර දුම්රිය ස්ථානයෙන් බස්සවාගෙන පානදුර මුහුදු වෙරළ ආසන්නයේ කාමරයකට කැටුව ගොස් පැය කිහිපයක් එහි රැදී සිටීමෙන් පසු ඇය නාන කාමරයට ගිය අතරවාරයේ දී අත්බෑගය ද රැගෙන පලා ගොස් ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය.

ඒ අනුව නවාතැන් පොලෙන් සැකකරුගේ විස්තර ලබාගෙන මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට  රුපියල් 140,000 ක  උකස් කර තිබූ රන්මාලයද, ජංගම දුරකථනය ද සොයා ගත් බව පොලිසිය කියයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මුලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.



අදහස් (3)

මෙහෙකාර කත රැවටූ අයෙක් අත්අඩංගුවට

Pradeep Kumara Thursday, 20 February 2025 04:33 PM

අවුරුදු 63යි, ඒ වුනාට නොදන්නා එවුන් එක්ක කාමරවලට යනවා.

:       3       23

නිර්මාල් Friday, 21 February 2025 12:28 PM

රාගයට වයස කියලා දෙයක් නෑ. මෙච්චර රටේ හොරු, මංකොල්ල කාරයෝ ඉන්න එකේ ඔයාච්චි මොකට රත්තරන් මාල කරේ දාගෙන යනවාද? මෙයා නිසා හොඳයි. නැත්නම් ජීවිතෙත් නැතිවෙන්න ඉඩ තිබුණා..

:       0       4

rs Friday, 21 February 2025 02:55 PM

හැටතුනත් වයසක්ද නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site