IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‍මාස දෙකකදී විදෙස් රැකියා ජාවාරම්කරුවන් 24 ක් අත්අඩංගුවට

(යොහාන් භාසුර)

විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනාව මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පසුගිය ජනවාරි සහ පෙබරවාරී යන මාස දෙක තුළ පමණක් පුද්ගලයින් 24 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ සේවා විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිළි පදනම්කර ගෙන පසුගිය ජනවාරි මාසය පුද්ගලයින් 13 ක් ද, පෙබරවාරී මාසයේ පුද්ගලයින් 11 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් විදේශ රැකියා ක්ෂේත්‍රයේ නීතිවිරෝධී කටයුතු වැලැක්වීම සඳහා තරාතිරම නොබලා වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (2)

‍මාස දෙකකදී විදෙස් රැකියා ජාවාරම්කරුවන් 24 ක් අත්අඩංගුවට

බද්රානි Thursday, 09 March 2023 04:46 PM

ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද මන්දා මේ වගේ රොකට් වේගයෙන් සංවර්ධනය වන රටක් දාලා පිටරටවලට දුවන්නේ. අරහේ ඇමරිකන් කාරයොයි, යුරෝපා ජාතිකයිනුයි පොරකනවා. ඉතාම සිඝ්‍රයෙන් නැගගෙන එන රුපියල් හොයන්න ලංකාවට එන්න.. ඒ මදිවට, අර "ඉලෝන් මස්ක්ගේ" තියන ඩොලර් ඔක්කෝම ටික රුපියල් බවට පරිවර්තනය කර ගන්න ඕනෑ කියල නහයෙන් හඬනවාලු... අනික, රොකට් අරින්න කප් ගහලා ඉන්න අපි ගැනත් එතුමා හොඳට දන්නවා ඇතිනේ..

:       0       3

Eranga Thursday, 09 March 2023 07:15 PM

මම දන්න ගැහැනු ළමයෙක් ඔහොම මංකොල්ලකාර රැකියා ඒජන්සියක් හරහා මැලේසියාවේ රැකියාවක් සදහා ගොස් රැකියාවක් නැතුව අනන්ත දුක් විදිනවා කියලා අහන්න ලැබුණා. ඇය ලංකාවේ හොඳ රැකියාවක් කළත් වැටුප් මදි කියලා තමයි ගිහිල්ලා තියෙන්නේ... දැන් හරිම බියෙන් ඉන්නවා කියන්නේ ගෙදරට කියන්න බැරිලු.. වයසක දෙමාපියන් පීඩාවට පත්වෙන නිසා. එහෙදී දිනකට වේලක්වත් කන්න බොන්න නැතිලු රටට මුදල් සොයන්න ගියපු මොවුන්ට සෙතක් සලසන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 398 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site