IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෝස්තර ශිල්පියාගෙන් අමුතු මෝස්තරයක්

නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවිවලට මුදාහළ බව කියන ඇඳුම් මෝස්තර ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජූනි 7 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

‘ඒෂියන් මොඩ්‘ ආයතනයේ රොමේෂ් ද සිල්වා එම පුද්ගලයායි. රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අලෙවි ආයතනවලට ඇඳුම් මෝස්තර සපයන සැකකරු ඡායාරූපවලට නිරූපිකාවන් යොදාගෙන ඇත. ඔවුන් කිහිපදෙනකුගේ නිරුවත් ඡායාරූප බලෙන් රැගෙන ළඟ තබාගෙන ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.

ඔහු විසින් බලෙන් රඳවා ගන්නා ලදැයි කියන කාන්තාවන් තිදෙනෙක් පොලිසියට පැමිණිලි කර ඇත. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසූයේ ඔහුට එරෙහිව ඇති පැමිණිලි සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

නීතිඥවරයා ඔහුට ඇපද ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

මෝස්තර ශිල්පියාගෙන් අමුතු මෝස්තරයක්

අශෝක Thursday, 02 July 2015 02:40 PM

බලෙන් ෆොටෝ ගත්තා නම් ඒ ඡායාරූප වල ඔය කියන කාන්තාවෝ අත පය ගැටගහලා ඉන්නවා පෙනෙන්න ඇතිනේ. (නි)

:       0       0

සෙනෙවිරත්න Friday, 03 July 2015 09:19 AM

පුදුම කතා තමයි අහන්න ලැබෙන්නේ.(හේ)

:       0       0

රවිඳු Thursday, 02 July 2015 03:01 PM

අනේ මන්දා... (ර)

:       0       0

අයිවන් Friday, 03 July 2015 02:33 AM

අනේ මන්දා! බලෙන් කොහොමද ඡායාරූප ගන්නේ? මුහුණේ ඉරියවු එහෙම අවශ්‍ය පරිදි එන්නෙ නැහැනේ (නි)

:       0       0

රොන් Thursday, 02 July 2015 03:11 PM

මම කවදාවත් හිතන්නෑ මොස්තර ශිල්පියෝ ඒ වගේ වැඩක් කරයිකියලා. ගානක් කඩාගන්න හදනවා වගේ... බලෙන් ගන්නේ කොහොමද අත පය බැඳලද දන්නෑ ෆොටෝස් ගත්තේ.? (ර)

:       0       0

විපුල Friday, 03 July 2015 02:55 AM

අපිටත් බලන්න දාන්නකෝ ඔය බලෙන් ගත් පින්තූර ටිකක්. එතකොට බලාගතහැකි මොකද වෙලා තියෙන්නේ කියලා (නි)

:       0       0

නිශ්ශංක Thursday, 02 July 2015 03:38 PM

මොකක්ද නිරුවතින් කරන මෝස්තරය. (ර)

:       0       0

සිරිපාල Thursday, 02 July 2015 03:50 PM

අනේ මං දන්නෙ නෑ සමහර නිරූපිකාවන්ගේ නීරූපන දැක්කම බඩ දගලනවා. (ර)

:       0       0

සිරා Friday, 03 July 2015 03:35 AM

මොකක්ද අනේ වෙබ් අඩවිය? (ම)

:       0       0

හසන් Friday, 03 July 2015 04:08 AM

ජූනි 7 වෙනකන් කිව්වේ ඊළඟ අවුරුද්දේ ජූනි 7 වෙන්න ඇති මගේ හිතෙ.. (ම)

:       0       0

සෙලනිකස් Friday, 03 July 2015 04:52 AM

මේ ඡායාරූප නොබලා මට නම් මේ ගැන යමක් කියන්න අමාරුයි. (නි)

:       0       0

ප්‍රියදර්ශනී Thursday, 02 July 2015 12:35 PM

ඉතින් ඒ කාන්තාවන්ට ‍මෙහෙම බලෙන් ඡායාරූප ගත් දවසේම නේද පොලිසියට පැමිණිලි කරන්න තිබුණේ? (නි)

:       0       0

විජයබාහු Thursday, 02 July 2015 12:36 PM

මේ වගේ අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 02 July 2015 06:13 PM

නිරුවතින් කරන ඇඳුම් මෝස්තරය කුමක්ද? තේරුම් ගන්න අමාරුයි. ඇඳුමක් නැතුව ඇඳුම් මෝස්තරයක්?? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 02 July 2015 06:26 PM

සල්ලි වලට හැමදෙයක්ම යටවෙන මේ කාලයේ මෙවැනි පින්තූර හෝ වීඩියෝ හදන අය වෙනුවෙන් පෙනී සිටීමට මේ රටේ ඕනෑතරම් කට්ටිය ඉන්න බවත් අමතක කරන්න එපා!! (නි)

:       0       0

ලසන්ත Friday, 03 July 2015 06:03 AM

මේ පුවතට පුවත් 2කට පහළින් වූ මේ රටේම තරුණියන් පිළිබඳ හද සසල කරවන පුවත "ආහාර විසවී ඇඟලුම් කම්හල් දෙකක 70 දෙනකු රෝහලේ" මේ වනවිට කියවා ඇත්තේ 383 දෙනෙකි. කිසිවෙකුත් අදහස් දක්වාද නැත. "ඇඟලුම් ආයතනවලට ඇඳුම් මෝස්තර සපයන නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප ..." මේ වනවිට 10174ක් කියවා ඇත. අදහස් 18කි. එ නමුදු අපි නීතිය ක්‍රියාත්මකවීම, කාන්තා නිදහස, පුද්ගල අයිතිය, සමානාත්මතාව ... ආදිය පිළිබඳ කියවයි, කතාකරයි, අදහස් දක්වයි! අප සමාජය සිටින්නේ කොතැනකද? (බ)

:       0       0

ප්‍රදීප් Thursday, 02 July 2015 01:04 PM

මම නම් කියන්නේ මේවට වැරදි පිරිමි විතරක් නෙමෙයි. මොකද තනි අතින් අත්පුඩි ගහන්න බැහැ (නි)

:       0       0

දුල්මි Thursday, 02 July 2015 01:35 PM

මම නම් කියන්නේ මේකට මෝස්‌තර ශිල්පියාව නෙමෙයි, ඒ මෝස්තරය වෙනස්කළ බවලතුන් ටිකයි අල්ලා ගන්න ඕනෑ. මේ මට හිතෙන හැටි! (නි)

:       0       0

සිදත් Friday, 03 July 2015 06:49 AM

ලසන්ත, බොරුවට කෑමොරදෙන අපේ සමාජයේ නිරුවත දුටු ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

නිමලරාජ් Thursday, 02 July 2015 09:30 PM

මේ අය ඔක්කොම ගලවලා පොටෝ ගන්න දෙනවා. පස්සේ දැනගත්තාම තමයි බොරුවට කෑ ගහන්නේ. අර "යුරීන්" ද කවුද කියන නිළියත් ඔහොම කිව්වේ.(අ)

:       0       0

නිහාල් Friday, 03 July 2015 12:59 AM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site