බාල, මහලු කිසිදුභේදයක් නොමැතිව මුළු ලෝකයම වසඟයට ගත් %මිස්ටර් බීන්^ හෙවත් රෝවන් ඇට්කින්සන් සම්බන්ධ පුවතක් පසුගියදා රසික සිත් කනගාටුවට පත් කළේය. ඒඔහු "මිස්ටර් බීන්" චරිතයෙන් සමුගන්නා බවට කළ ප්‍රකාශයක් හේතුවෙනි. ඔහු ඒ සඳහා හේතු කාරණා ලෙස දක්වන්නේ "මිස්ටර් බීන්" චරිතය තුළින් තමන් උපරිමයට පැමිණි බවත්, දැන් එම චරිතයට සමුදී විශ්‍රාම ගැනීමට කාලය පැමිණ ඇති බවත්ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් මේවනවිට ගත කරන වයස හේතුවෙන් "මිස්ටර් බීන්" චරිතය නිසිලෙස නිරූපණය කළ නොහැකි බවයි.
කෙසේ වෙතත් රෝවන් ඇට්කින්සන්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගේ රසික රසිකාවියන් මහත් කනස්සල්ලකින් පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බටහිර සිනමා විචාරකයන් ප්‍රකාශ කරන්නේ "මිස්ටර් බීන්" චරිත රංගනයේදී රෝවන්ගේ හැකියාව හමුවේ ඔහුගේ වයස ගැටලුවක් නොවන බවයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
'මිස්ටර් බීන්' සමු ගනියි