වර්තමානයේ ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දිනෙන් දින එක්වෙන නවක ගායක, ගායිකාවන් ප්‍රමාණය අතිවිශාලය. එකිනෙකට විවිධ වෙනස්කම් කරමින් නව ආරේ නිර්මාණ බිහි කරන්නෝද ඒ අතර සිටිති. දිලිප සාරංගද එවැනි අලුත් තාලේ ගීත නිර්මාණය කරන්නෙකි. දැනට ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආකාර්ෂණයක් හිමිකරගත් මෑෂප් ගායකායද වන දිලිප වර්තමානයේ ඉතාලියේ රැකියාවක නිරතව සිටියි.
මෑෂප් ගීත ගායනයට ඔබ යොමු වුණේ කොහොමද?
ගොඩක්ම කළේ ආසාවට. පුංචි කාලේ ඉඳලා ගීත ගායනයට මම ගොඩක් කැමතියි. ඉතින් විවිධ එකිනෙකට වෙනස් නිර්මාණ මම අත්හදා බලනවා. ඔය විදිහට තමයි මෑෂප් ගීත ගායනා කරන්න හිතුණේ. දැනට අවුරුදු 2 ½ක් තිස්සේ මම මෑෂප් ගීත ගායනා කරනවා.
මෑෂප් කියන්නේ අපිට අලුත් දෙයක්?
ඔව්, මම මුලින්ම මෑෂප් කරපු ඉංග්‍රීසි ගීත ඇහුවා. ඒකට හිත ගිය නිසා මම සිංහල ගීත ඒ විදිහට මෑෂප් කරන්න උත්සාහ කළා. පස්සේ ගීත කිහිපයක් එකතු කරලා ගායනා කරන ඒක සාර්ථක වුණා. ඔය විදිහට තමයි මම මෑෂප් ගීත ගායනයට යොමු වුණේ.
ඔබ ඇයි මෑෂප් ගීත ගායනයට යොමු වුණේ. තමන්ගේම ගී නිර්මාණ කරන්නේ නැතිව?
නැහැ මෑෂප් ගීත ගායනයට කලින් මම මගේම ගීත නිර්මාණය කළා. නමුත්, ඒවා මිනිස්සු අතරට ගියේ නැහැ. ඊට පස්සේ තමයි මට හිතුණේ මෑෂප් ගීත නිර්මාණය කරන්න. ඒ වගේම මගේම කියලා ගී නිර්මාණ 5ක් විතර කරලා තියෙනවා.
මොනවද ඔබ දැනට කරලා තියෙන ගීත?
සිංහල මෑෂප් ගීත 6ක් කරලා තියෙනවා. ඊට අමතරව හින්දි හා සිංහල මික්ස් මෑෂප් ගීත 8ක් කරලා තියෙනවා. තව ඔර්ජිනල් 5ක් විතර කරලා තියෙනවා. මගේම කියලා කරපු ගීතවලින් මෑතකදී මම එළිදක්වපු ‘සංසාරය පුරා’ කියන ගීතය මේ දිනවල අහනවා. ‘වෙන්වෙලා ඇයි ඔයා කියලා’ තව මගේම නිර්මාණයක් මිනිස්සු අතරට ගියා. ‘කඳුළක තරමක්’ කියලා මම තව නිර්මාණයක් කළා. ඒ ගීතයත් යම් පිරිසක් රසවින්ඳා.
විදෙස් රටක ඉන්න කොට ගීත නිර්මාණය කරන්න අපහසුතාවක් තියෙනවා නේද?
ඔව්. මම කරපු හැම නිර්මාණයක්ම මම ‘යූ ටියුබ්’ හරහා තමයි මගේ රසික, රසිකාවියන්ට අහන්න සැලැස්සුවේ. ලංකාවේ හිටියා නම් චැනල්වලට මේවා ගිහින් දීලා ප්‍රචාරය කරන්න තිබුණා. ඒ නිසා විදෙස් රටක ඉඳලා ගී නිර්මාණ කරන එකේ අවාසියක් තියෙනවා.
මෑෂප් කියන්නේ වෙනස් සංගීත කලාවක්. ඉදිරියේදී ඔබ තවත් වෙනස්කම් කරන්න අදහස් කරලා නැද්ද?
ඉදිරියට එන්න තියෙන මගේ මෑෂප් ගීතවල ලොකු වෙනසක් තියෙනවා. මම හැම වෙලාවේදීම උත්සාහ කරන්නෙ අලුත් විදිහේ යමක් මිනිස්සුන්ට දෙන්න. ඒ නිසා මගේ නිර්මාණ හැම වෙලාවෙම එකිනෙකට වෙනස් විවිධ ඒවා. මේ වෙනස්කම් කරන අතරේ මේ සීමාවේ ඉඳලා අලුත් වැඩක් කරන්නත් හිතාගෙන ඉන්නවා.
උදවු කළ අයත් ඇති?
මගේ පවුලේ අයව මේ වෙලාවේදී මතක් කරන්න ඕනා. ඊට අමතරව මගේ යාළුවෝ ෂශිමා අක්කා සහ අයියා තමයි මට ගොඩක්ම මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට එන්න උදවු කළේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මෑෂප් ගී ගයන දිලිප