IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මවු සෙනෙහස නොදුටු පුතෙක්

(රුක්මන් රත්නායක)

වසර පහකට ආසන්න කාලයක් ලුණුගම්වෙහෙර රෝහලේ ප්‍රතිකාර ගත් මව බලන්න එන්නැයි පණිවුඩ පිට පණිවුඩ යැව්වත් නොපැමිණි තම එකම පුතු මව මියගොස් භූමිදානය කළ පසු රෝහලට පැමිණ තොරතුරු සොවීමේ පුවතක් ලුණුගම්වෙහෙර රෝහලෙන් වාර්තා වේ.

කොළඹ රාජගිරියේ පදිංචිව සිටි මෙම මව කලක් මැදපෙරදිග රැකියාවක නිතරව සිට ඇති අතර පසුව වීරවිල ප්‍රදේශයේ ඥාතියකුගේ නිවෙසට පැමිණ ඇත. එහිදි පාදයේ ඇතුවූ තුවාලයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇත.

වසර කීපයක් තිස්සේ රෝහලේ ප්‍රතිකාර ගත් මෙම මාතාව නේවාසිකව ප්‍රතිකාර ගනිද්දී  ඇගේ එකම දරුවාට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නත් ඔහු පැමිණ නැත. 

පහර පහකට ආසන්න කාලයක් ප්‍රතිකාර ගනිමින් සිටි මෙම මාතාව හදිසියේ මියගොස් ඇති අතර  ඇයට ඥාතීන් කිසිවකුත් නොමැති නිසා වසර ගණනක් රැක බලාගත්  රෝහල් කාර්ය මණ්ඩලය අවසන් කටයුතු සිදු කර ඇත.

මව මියගිය පසු ඇගේ එකම පුතු රෝහලට පැමිණි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.



අදහස් (2)

මවු සෙනෙහස නොදුටු පුතෙක්

මහේෂ් Tuesday, 13 December 2022 01:28 PM

අනේ මෙහෙම දරුවෝ. අම්මා කෙනෙකුගේ වටිනාකම නොදත් දරුවෙක්. දැන් ඔබට මේ මේ කාරණාව ජීවිතේටම හිතට දුකක් දෙන කාරණයක් වෙයි. අම්මා කෙනෙකුට ඒ දැනුන දුක මොනතරම්ද කියලා ඔබ‍ට තෙරුනනම් ඔබ අම්මා බලන්න නොගොහින් ඉන්නේ නෑ. පව් අසරණ අම්මා... ඔබ තුමියට නිවන්සුව පතමු... සසර වසනතුරු ගුණවත් දරුවන් ලැබේවා. මෙවැනි දුකක් නොවේවා. රෝහල් කාර්යමණ්ඩලයට අපගේ ගෞරවය පුදකරමු.

:       0       22

Ruwan R Tuesday, 13 December 2022 03:32 PM

පුතා කරපු දේ අනුමත කරන්න බෑ. ඒ්ත් සිදුවීම පිටිපස අදුරු කතාවක් තියෙන බව පේනවා. :මෙම මව කලක් මැදපෙරදිග රැකියාවක නිතරව සිට ඇති අතර පසුව වීරවිල ප්‍රදේශයේ ඥාතියකුගේ නිවෙසට පැමිණ ඇත.: කාන්තාවන් මැදපෙරදිග සේටයට යෑම හෝ යැවීම ඒක්ක බැදුනු තවත් ඛේදනීය කතාවක් වගෙයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site