IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මව් සෙනෙහසක තරම

පුතාට කුඩු ගැසීමට මුදල් සෙවීමට පුතා (33) ද සමග ගෙවල්වලට පැන බඩු සොරකම් කළ මවක (57) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

පීරිසි කුට්ටම්, මල් වාස්, පහන්, ජනේල කොකු ආදිය සොරකම් කළ බව කියන මේ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මව් සෙනෙහසක තරම

නීල් රනා Tuesday, 13 August 2013 06:57 PM

මේක පුදුමයට කරුණක් නෙමෙයි. ලංකාවෙ හොරු, මංකොල්ල කාරයො පිරිල ඉන්නෙ දෙමව්පිය වරදින්. (ත)

:       0       0

විජේ Wednesday, 14 August 2013 10:04 AM

හැමදෙයක් ගැනම වැරදි විදියටම බලන්න එපා. කවුද දන්නේ පුතාගේ බලකිරීමටයි තර්ජන වලටයි බයේ අම්ම එහෙම කලාද කියල. මොකද පුතා උනත් කුඩුකාරයෙක් නිසා වෙන්න ඇති. අම්ම ජීවිතයට තියෙන ආසාවට එහෙම කලාද දන්නේ නැහැනේ. ඒ නිසා පොඩ්ඩක් ඒගැනත් හිතන්න.

:       0       0

දුමින්ද Wednesday, 14 August 2013 11:46 AM

කුඩු ගැසීමෙන් තමාත් අන් සමාජයත් නැති වෙනවා (දී)

:       0       0

දුමින්ද Wednesday, 14 August 2013 11:46 AM

දිනකට පස්වතාවක් දෙවියන් අදහෙවුවත් වැඩක් නැහැ කුඩු බිස්නේස් කරනවානම්, අපායටයි යන්න වෙන්නේ. (දී)

:       0       0

සුනිල් Tuesday, 13 August 2013 08:43 PM

හොරකම වැරදියි තමයි නමුත් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ලේ මස් උනත් පරිත්‍යාග කරන්ඩ ලැස්තියි. ඒක තමයි දරු කැක්කුම. ඒක තේරුම් ගන්න දෙමව්පියෙක් වෙන්නම ඕනේ. මේ අම්මට අදිකරණයෙන් සමාවක් ලබෙන්න ඕනේ.(නදී)

:       0       0

පිටිගල Tuesday, 13 August 2013 09:25 PM

අපේ අම්ම අපේ පව්ලේ අට දෙනෙක් උස මහත් කරලා පුළුවන් හැටියට අධ්‍යාපනයක් ලබා දෙන්න විඳපු දුක් කන්දරාව ගැන මතක් වෙනකොට. මට මේ අම්මා ගැන ඇතිවෙන්නේ මහා සංවේගයක්. දරුවා නොමග ගියත් ඒ තමන්ගේ දරුවා නේද? සමාවක් ලැබේවා! (අ)

:       0       0

ජානී Tuesday, 13 August 2013 10:41 PM

අනේ මන්දා.. දැන් ලංකාවේ ජීවත් වෙන්නත් බය හිතෙනවා මෙම වෙන දේවල් ඇහුවහම.හොරු, මිනීමරුවෝ,ස්ත්‍රී දූෂකයෝ,පාතාලයෝ පිරිලා.තමන්ගේ ගෙදරවත් බය නැතුව සැනසිල්ලේ නිදා ගන්න බැරි තත්වයක් නේ උදා වෙලා තියෙන්නේ.ගිය සතියේ අපේ ළඟ ගෙදරකට වහලෙන් බැහැලා නිදන් හිටිය ගැහැණු ළමයෙකුගේ කරේ තිබුන මාලේ කඩාගෙන දුවලා.කුඩු රැලක එකෙක්ලු. (ස)

:       0       0

සදරුවන් Wednesday, 14 August 2013 05:20 PM

සුනිල් හරි. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ලේ මස් වුණත් පරිත්‍යාග කරන්න ලැහැස්තියි. ඒක තමයි දරු කැක්කුම.නමුත් කළ යුතු නිවැරදිම දේ නෙමෙයි මේ අම්මා කරලා තියෙන්නේ. (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 14 August 2013 03:02 AM

ලංකාවට දැනට ඇති භයානකම උවදුර මේ කුඩු තමා.(නදී)

:       0       0

උපාලි Wednesday, 14 August 2013 03:30 AM

තාත්තල පුත්තුන්ව මිනි මරන්න යවන රටේ අම්මල පුත්තුන්ට කුඩු ගන්න හොරකමේ යන එක අරුමයක් නෙමෙයි. කුඩු රජවරු ඉන්නකල් ඕව වලක්වන්න බැහැ. (නදී)

:       0       0

දර්ශන් Wednesday, 14 August 2013 05:27 AM

අම්මාටත් දඩුවම් ලබාදෙන්න. අම්මාගේ යුතුකම විය යුත්තේ දරුවා පුනරුත්ථාපන කරන ආයතනයකට යොමුකිරීමයි. (නි)

:       0       0

සමන් කුමාර Wednesday, 14 August 2013 06:55 AM

පුතාට උදව් කරලා තියෙන්නේ සුමගට නෙමෙයි, නොමගට... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site