IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මව රට,පියා සිරකුටියක දරුවෝ මහ කැලේ මැද තට්ට තනියම

(කාංචන කුමාර ආරියදාස)

මව විදෙස් ගත වීමත් පියා සිරගත වීමත් නිසා බාලවයස් කාර දරුවන් තිදෙනකු මහ වන මැද කටුමැටි ගැසූ නිවෙසක තට්ට තනියම ජිවත්වන ශෝක ජනක පුවතක් කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයෙන් අපට වාර්තා වේ.

මෙසේ අනාරක්ෂිතව ජීවත්වන්නේ වයස අවුරුදු 14 ක් 05ක් සහ 07 ක් යන වයස්වල දරුවන්ට තිදෙනෙකි.

මෙම දරුවන් මව ඊ .පි .වාසනා ප්‍රනාන්දු මීට මාස කිහිපයකට ඉහතදී අගහිග කම් නිසාම කුවේට් රාජ්‍යයේ ගෘහ ගිබ බව දරුවෝ පවසති.

එහෙත් ඇයට මෙතෙක් රැකියා අවස්ථාවක් ලැබී නැත.

මෙම දරුවන්ගේ පියා  ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්ව සිටියි.

වයස අවුරුදු 14ක්  අයියා කොහුබත් වෙලන ආයතනයක සේවයට ගොස් ලැබෙන මුදලින් තම මල්ලිලා දෙදෙනා ජිවත් කරවයි

මේ වන විටත් දරුවන්ගේ අධ්‍යාපනයට ද කණ කොකා හඬා තිබේ. ගේ පුරා මේ දිනවල වැස්සට තෙමෙයි වැස්ස නිසා කොහු බත් වීයළීමේ රස්සාවද මෙම දරුවාට අහිමි වී ආහාර අර්බුදයකට මුහුණ පා  සිටිති.  නිවෙස ආසන්නයේ පදිංචි වී සිටින ඥාතීන්ගේ සහයෝගයෙන් වේලක් හැර වේලක් තියෙන දෙයකින් කුස පුරවා ගනියි.

කුවේට් කාමරයකට කොටුවී සිටින මෙම දරුවන්ගේ මව වට්ඇප් හරහා අප සම්බන්ධකර ගත්තෙමු. ඇය කියා සිටියේ මෙවැන්නකි. 

කුරුණෑගල ප්‍රදේශීයේ පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයක් හරහා රැකියාවක් ලබා පොරොන්දුවෙන්  කුවේට් රාජ්‍යයට  ආවත් මාස කිහිපයක් ගතවෙනවා.  රැකියාව දෙන බව කියූ නිවසේ හිමිකරුවන් තමන්ව ප්‍රතික්ෂේප කළා රැකියාවක් සොයා දෙන තුරු කුවේට් රාජ්‍යයේ පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයක කාමරයක දමා සිටින බව ඇය සඳහන් කරන්නට වූවාය

තම දරුවන් පාසල් ගමන ද අහිමි වී කුසගින්නේ තනිවම මහා වන මැද වන අලින් ගෙන් බේරී ජීවත්වන නිසා කුමන හෝ ක්‍රමයකින් තමන්  ලංකාවට ගෙන්වා දෙන්නැයි ඇය හැඬූ කඳුළින් පැවසුවාය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ප්‍රදේශයේ ග්‍රාමනිලධාරීයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්ථක වූ අතර ගිරිබාව ප්‍රාදේශ ලේකම් කාර්යාලය සම්බන්ධ කරගත් අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරයා අද දින වෙනත් කටයුත්තක් සඳහා කාර්යාලයෙන් බැහැරටගොස් ඇති බව දැන ගන්නට ලැබිණි.

ගිරිබාව සහකාර ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්යෙන් ප්‍රාදේශීය ලේකම්කාර්යාල දැනුවත් නෑ. අඩුම තරමේ ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිවරයාවත් දැනුවත් කළේ නැහැ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙළි කර දීම ගැන මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා. මෙම කනගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට ග්‍රාමනිලධාරියා සමග කණ්ඩායමක් එම නිවෙසට අදම පිටත් කර හරිනවා.



අදහස් (2)

මව රට,පියා සිරකුටියක දරුවෝ මහ කැලේ මැද තට්ට තනියම

Lalla Friday, 08 September 2023 10:56 PM

තරුණ ගෑනියෙක් ගෙදර හිටියා නම්... අම්මෝ මේ වෙනකොට ආධාර ගලා එයි... ග්‍රාම නිලධාරිත් එතැන පැලවෙලා ආධාර ගන්න උදව් දෙයි.

:       0       14

ana Saturday, 09 September 2023 09:20 PM

මමත් සෑහෙන කාලයක් ගිරිබාව පාසලක වැඩ කළා මෙවැනි එකම සිද්ධීය මෙය නොවේ. මෙවැනි සිද්ධි එම ප්‍රෙද්ශයේ ඉතා බහුලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site