IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මව තෙහැවිරිදි දරුවාගේ කට පුච්චලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අසභ්‍ය වචන කීම නවත්වා ගැනීමට යැයි කියමින් තුන් හැවිරිදි දරුවාගේ කට දල්වන ලද ගිනිකූරකින් පිලිස්සු වේ යැයි කියන එම දරුවාගේ මවක  සැකපිට අත්අඩංගුවට ගත් බව දියුලපිටිය පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකි.

මෙම සිඟිත්තාගේ උඩුතොලේ පිළිස්සුම් තුවාල සලකුණත් පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි.

තමන්ගේ දරුවා අසභ්‍ය වචන කියන නිසා එය නවත්වා ගැනීමට බිය කිරීමට සිතා ගිනි කූරක් දල්වා කට ලඟට ලං කළ බව සැකකාරිය පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.

ඒ අවස්ථාවේ දරුවාගේ උඩුතොල පිලිස්සී ඇතැයි ද පොලීසිය පැවසී ය.

පොලිස් 118 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම්දීමක් මත දිවුලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිඟිත්තා සිටින නිවස සොයා ගොස් පරීක්ෂණ ආරම්භ කර එම සිඟිත්තා ගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (4)

මව තෙහැවිරිදි දරුවාගේ කට පුච්චලා

චාන්දනී Thursday, 28 September 2023 09:11 AM

මම අම්මා නම් ඔය ළමයා කිසිම දවසක නනැවත මගේ දරුවෙක් ලෙසට ගන්නෙ නැහැ මොකද දරුවො වැරදි කිරීම කුඩාකාලයේ නවතා නොගත්තොත් එක්කො ඒකා මිනීමරුවෙක් හොරෙක් නැත්නම් මංකොල්ලකාරයෙක් ස්ත්‍රී දූෂකයෙක් වීම නවතන්න බැහැ පසු කාලෙක එහෙම එකෙක් මගේ පුතා කියන්න බැහැ දැන් කාලයේ තරුණයෝ ගැන බැලුවොත් ඒක පැහැදිලියි

:       3       4

Anonymous Thursday, 28 September 2023 09:28 AM

දැන් ඉන්න මොළේ විකෘති වෙච්ච ගෑනුන්ට හොඳ උදාහරණයක්.

:       2       3

Chandrika chandrika Thursday, 28 September 2023 12:31 PM

මේ පුංචි දරුවට ඇහෙන්න නරක වචන කීව කෙනාගේ කට ගැන මේ අම්මා බැලුවේ නැත්තේ මොකද .පාසල් යන දරුවෙකුත් නෙමෙයිනේ .මේ ළමයා නරක වැඩ පුරුදු වෙන්නේ අම්මාගෙන් .එහෙත් අදහස් දැක්වූ කෙනාත් මවකට සුදුසු නැහැ

:       0       7

ගමේ එකාලා Thursday, 28 September 2023 06:03 PM

කොහෙන්ද දන්නේ නැහැ ඔය කියන නරක වචන ඉගෙන ගත්තේ? කට පිච්චුවාම ඔක්කොම හරි යයි කියලා හිතන්න ඇති තියෙන ගොන්කම...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site