IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මව කුණු බිත්තරයක් අරන් පාසල් යයි

පාසලට අනවසරයෙන් ඇතුළු වී විදුහල්පතිට සහ ගුරුවරියට කුණු බිත්තර ගැසී යැයි කියන කතක රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඹුත්තේගම මහේස්ත්‍රාත් අයි එම් එස් බී ඒකනායක මහතා නියෝග කළේය.

තලාවේ එච් ඒ ශ්‍රියාණි චන්ද්‍රිකාට එසේ ඇප නියම විය.

භූමිතෙල් බඳුනක් ද කොස්සක් ද  ගිනි පෙට්ටියක් හා පිහියක්ද රතිඤ්ඤා ද රැගෙන පසුගිය විසි අට වැනිදා පාසලට ගිය ඇය විදුහල්පති කාර්යාලය ඉදිරිපිට මුලින්ම රතිඤ්ඤා පත්තු කර බිත්තර ගසා ඇතැයි ද ගුරුවරියකටද කුණු බිත්තර වැදී ඇතැයි ද පැමිණිල්ලෙන් කියැවේ.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් ශ්‍රීලාල් තලගල මහතා  අධිකරණය හමුවේ කියා සිටියේ  පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින ඇගේ දරුවාට හොදින්  නොඋගන් වන බවයි. ඇය කිහිප විටක්ම  පාසලට ගොස්  දරුවාගේ අස්වීමේ සහතිකය ඉල්ලා සිටි නමුත්  එය නොලැබුණු බවත් එහෙයින්  එදින ඇය පාසලට ගොස් ඇති බවත්  එසේ ගොස් ඇත්තේ දරුවාට කරන කෙනෙහිලිකම් ඉවසාදරාගත නොහැකි වු තැන බවත් නීතීවේදියා කරුණු දැක්වීය.

 



අදහස් (0)

මව කුණු බිත්තරයක් අරන් පාසල් යයි

විකුම් Tuesday, 03 March 2015 12:12 AM

හැමතැනම නීතිය අතට ගන්න සිද්ධවෙලා. මීට හේතුව අදාළ ඇමතිවරුන් විසින් සොයාබලා වහා පිළියම් යෙදිය යුතුයි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 02:52 AM

සමහර පාසල් හමුදා කඳවරු වගේ (නදී)

:       0       0

වයිකෝ Tuesday, 03 March 2015 03:25 AM

පාසැල කියන්නේ ළමයින්ට සතුටින් ඇවිත් විනෝදෙන් ඉගෙනගෙන හිනා වෙවී ගෙදර යන්න පුළුවන් තැනක් වෙන්න ඕනි. සමහර ගුරුවරු ගුරු වෘත්තියට සුදුසු නැහැ. ගෙදර ප්‍රශ්ණ පාසැලට ගේනවා (නදී)

:       0       0

රාමා Tuesday, 03 March 2015 04:03 AM

ගෙදර ප්‍රශ්ණ ඉස්කෝලෙට ගෙන්න අවශ්‍ය නැහැ. ලමයින්ට අම්ම තාත්ත වගේ සලකන ගුරුවරු ඉන්න ඕනා. ගුරු තනතුරට හොඳ අය තියාගෙන නරක අය වෙනුවට අලුත් අය ගන්න. ඕන තරම් හොඳ අය ඉන්නවා රස්සා නැතුව (නදී)

:       0       0

වැකෝ Tuesday, 03 March 2015 05:06 AM

අහිංසක, අසරණ අයට සරණ වෙන්න පිහිට වෙන්න ඇමතිලාත් නැහැ. ජෙනේරල් සරත් ෆොන්සේකා එනතුරු අපි මග බලා සිටිමු. (ර)

:       0       0

වැකෝ Tuesday, 03 March 2015 05:27 AM

මේ මවගේ වේදනාව තෙරුම් ගැනීමට අධ්‍යාපන ඇමති අවදියෙන් යැයි මම සිතමි. මවට විරුද්ධව පියවර ගන්න එපා. ඇයගේ පැමිණිල්ල විභාග කරන තුරු. (ර)

:       0       0

වැකෝ Tuesday, 03 March 2015 07:40 AM

රාමා, ඔබේ අදහසට 100% එකඟයි. නමුත් තීරණයක් අරගෙන ක්‍රියාත්මක කරන්න කොන්ද පණ තියන අය කෝ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site