IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මව ඉසුරු සොයා යයි:පියා කසිප්පු සොයා යයි

(කාංචන කුමාර ආරියදාස)

දියණියන් දෙදෙනකු රැක බලාගන්නා ලෙස පියාටභාර කොට මව ගෘහ සේවය සඳහා පිටරට යාමෙන් පසු වයස අවුරුදු දාහතරක් සහ වයස අවුරුදු 7ක දියණියන් දෙදෙනකු නිවසේ තනිව ජීවත්වන දුක්බර පුවතක් මැල්සිරිපුර ප්‍රදේශයේයෙන් අපට වාර්තා වේ.‍

ගරා වැටුණු ඉතා අනාරක්ෂිත නිවසක මවත් පියාත් නොමැතිවීම  දාහර හැවිරිදි දියණිය හත් හැවිරිදි තම නැගණිය සමග තනිව ජීවත් වනු ලබන්නේ අසල්වැසියන්ගේ සහයෝගය නිසාවෙනි.

මෙම දුක්බර පුවත පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග අප මෙම නිවසට යන විටත් කුඩා දියණියන් දෙදෙනා පාසල් ගොස් නැවත නිවසට පැමිණ දහවල් ආහාරය සඳහා බතක් පිස පොල් සම්බෝලයක් සකසමින් සිටීම විශේෂත්වයකි.

මීට මාස එකොළහකට පමණ ඉහතදී මෙම දියණියන්ගේ මව  කුවේට් රාජයේ ගෘහ සේවය සඳහා පිටව ගොස් ඇත්තේ තම දියණියන් දෙදෙනා ඔහුගේ පියාට භාරදී නිවස තනා ගැනීම සඳහා බව මෙම දියණියන් පවසයි

කෙසේ වෙතත් මාස කිහිපයක් ගත වෙද්දී තම මව එවන් මුදල් සියල්ල පියාණන්ගේ මත්වතුර පානය සඳහා යොදාගෙන පීඩනයකට තමන් පත්ව පියාගේ විවිධ කරදර බාධක සහ පහරකෑම්වලට ලක් වූ බව දියණියෝ පවසන්නීය.

 



අදහස් (4)

මව ඉසුරු සොයා යයි:පියා කසිප්පු සොයා යයි

Senarath Wednesday, 23 November 2022 09:08 AM

මේ දරුවෝ දෙන්නට උදව් කරන්න කැමතියි.

:       0       13

sharm warn Wednesday, 23 November 2022 09:22 AM

පියාණන්.? එච්චර ගෞරවයක් දෙන්න වටිනාකමක් තියෙන පුද්ගලයෙක්ද? තව යවන්න අපේ අම්මලාව මැද පෙරදිග බැලමෙහෙවර කමට...

:       0       10

jayasekara Wednesday, 23 November 2022 09:53 AM

අනේ මේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන්න. ඔවුන්ගේ මව විසින් එවන මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හැකියාවක් ඇත්නම්, එසේ සිදුකිරීමට හැකිනම් එය මේ දරුවන්ට කළ හැකි ලොකුම උපකාරයකි.

:       0       10

ganegoda Thursday, 24 November 2022 03:13 AM

මේ දරුවන් බේබදු පියාගෙන් දුෂණය නොවීමටත් ,මාව එවන මුදල් දරුවන්ගේ සමෘර්ධියට පමණක් වීමට වග පලා ගත යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site