(රංජන් කස්තුරි)
දරුවන්ට මව් කිරි දීම අතින් ලෝකයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.
ලෝකයේ මව්කිරි දීමේ ප්‍රවණතා ඇගයීමේ වැඩසටහන මගින් කළ සමීක්ෂණයකින් පසු ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ‘හරිත වර්ණ කේතය’ පිරිනමා තිබේ.
ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා ඇඟයීමේ වැඩසටහන යනු ලෝකය පුරා රටවල් 120ක් නියෝජනය කරන වැඩසටහනකි. එමගින් නිර්ණායක 10ක් පාදක කර ගනිමින් රටවල් ශ්‍රේණිගත කෙරේ.
මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 100න් 91ක් හිමි වී තිබේ. අනෙක් රටවලට හිමි වී ඇත්තේ අඩු ලකුණු සංඛ්‍යාවකි.
මව්කිරි නිසි පරිදි ලබාදීමෙන් ළමා සහ මාතෘ සෞඛ්‍ය සංරක්ෂණය මෙන්ම බෝනොවන රෝගද වළක්වා ගත හැකි බවද වෛද්‍ය මතය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් කෙරුවේ මහින්දද දන්නේ නැහැ.
මේකේ ප්‍රශංසාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියල්ලන්ටම හිමිවිය යුතුයි. ගොඩක් අය කරන්නේ ඒ අයට හැමදාම බනින එකයි.
නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ මනස හැදෙන්නේ නැත්තේ මොකද ? විදේශ රටවල එළ කිරි බොන දරුවෝ ඉතාම සාමකාමිව මනස නිරවුල්ව හොඳ අධ්‍යාපනයක් ලබනවා. අපරාධ කරන අදහස් ගොඩක් අඩුයි. නමුත් අපේ රටේ දරුවෝ මව් කිරි බීලා හැදිලා වැඩිලා මොනවද කරන්නේ?
ලංකා මාතාවගේ දුවරුන් තම දරුවන්ට මව්කිරි දීමෙන් ලෝකයේ පළමු තැනට පත්වීම පිලිබදව අප එය ඉහලින්ම අගය කරන්නෙමු.
පුදුමයි අපේ රටේ මෙච්චර කිරි දෙන අම්මාවරුන් ඉන්න එක ගැන.............
මෙය ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ උත්සාහයේ ප්‍රතිපලයක්.
පිටි කිරි අධික මිල නිසා නිකන් ලැබෙන මව් කිරි තමයි දෙන්න වෙන්නේ කොහොමත්.
පුර්ණ ගෞරවය හිමිවියයුත්තේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට