IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මව්වරුන් රකින්න ජපානෙන් ඩොලර් මිලියන 5.29ක්

(අංජුල මහික වීරරත්න)

ගර්භණී සමයේ දී හෝ දරු ප්‍රසූතියේ දී කිසිදු කාන්තාවකට අනවශ්‍ය අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු නොවන අයුරින් මෙරට සෞඛ්‍ය සේවාවේ මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගීතාවයෙන්  මෙරට මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවාවේ  කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 5.29 ක වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය නොවන උපකරණ තොගයක් බාර ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ අඩෙනියි  මහත්වරුන් විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී එම උපකරණ සංකේතාත්මකව භාර දීම සිදු කෙරිණි .

එම මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙළ ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීමේ දී සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දැනුම් ප්‍රවේශය පුළුල් කිරීම, උපායමාර්ගික සේවාවන් වැඩිදියුණු කිරීම, මෙන් ම සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහාත්, සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණයට පරිවර්ථනය කිරීම කාලීන සහ හොඳම විසඳුම බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය ඒ සඳහා මේ වන විටත් ක්‍රියාකරමින් සිටින බව ද ප්‍රකාශ කර සිටියේය.



අදහස් (0)

මව්වරුන් රකින්න ජපානෙන් ඩොලර් මිලියන 5.29ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 425 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site