(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ සිදුවීම මීළඟ විවාහක ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය සදහන් කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම තරගාවලියේ Mrs. World Inc. සංවිධායකයින් සදහන් කර ඇත්තේ ජාතික තරගාවලියේදී කැරොලයින් ජූරි සම්බන්ධ සිද්ධිය පිළිබඳව තමන් පූර්ණ දැනුවත්භාවයකින් පසුවන බවයි.
පසුගිය 4 වනදා නෙළුම් පොකුණ රගහලේදී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී කිරුළ පළඳා විනාඩි කිහිපයක් ඇතුළත රූ රැජිණට කිරුළ අහිමිවීමේ අසාමාන්‍ය සිදුවීමක් වාර්තා විය.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඔටුණු පැළඳුවා ය.
සභාවේ සිටි කිසියම් අයකු ඇය විවාහක වුව ද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුවු අතර ඊට එකඟතාව පළ කරමින් තීරක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ අනුශූරතාව ලබාගෙන ගත් තැනැත්තිය වෙත පිරිනැමී ය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මෙවර ලෝක රූ රැජින තරගයට කුමක් වේද
Pradeep Thursday, 15 April 2021 05:42 AM
අම්මෝ ඇති යන්තම්.. මම මේ බයේ හිටියේ මේක පවත්වන්න බැරිවෙයි කියලා. රටේ දැවෙන ප්‍රශ්නයක් විසඳුණා. දැන් ඉතිං කන්න බොන්න නැති වුණත් මොකද..?
Kris Thursday, 15 April 2021 06:00 AM
බෝර්න් අගේන් කට්ටිය අසාධාරණ ලෙස අනිකාව පාගාගෙන යන එක නවත්වන්න පුළුවන්ද?