IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘මෙවර මැතිවරණයේ ලොකු වෙනසක්‘ - කැෆේ

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය සතිය තුළ යම් ඉහළ යාමකට ලක්ව ඇති බවත් මේ මැතිවරණයේදී පසුගිය මැතිවරණවලට සාපේක්ෂව ඉතා පැහැදිලිව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන බවත් මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (6) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය මැතිවරණවලදී සිදුවූ නීති විරෝධී ක්‍රියා, ප්‍රචණ්ඩ ක්‍රියා, දේශපාලන පක්ෂ නීතිය අතට ගැනීම වැනි අවාසනාවන්ත සිද්ධීන් මේ වන විට මුළුමනින්ම නැතිවී තිබීම සාධනීය තත්ත්වයක් බවත් ඔහු කීවේය.

මැතිවරණ නීතිය ආරක්ෂා කිරීම මේ වන විට සිටින දේශපාලන නායකයන් ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් තම සංවිධානය එළිදැක්වූ වාර්තා අනුව පුද්ගලයන් 314 දෙනකු අත් අඩංගුවට පත්ව ඇති බවත් එයින් බහුතරය එක්සත් ජාතික පක්ෂයේ අය හා ඔවුන්ගේ ආධාරකරුවන් බවත් ඒ මහතා සඳහන් කළේය.

web1

 



අදහස් (0)

‘මෙවර මැතිවරණයේ ලොකු වෙනසක්‘ - කැෆේ

ද සිල්වා Thursday, 06 August 2015 02:53 PM

අපට වැඩි දෙයක් ඕනේ නැහැ රටේ නීතියේ අාධිපත්‍යය තහවුරු කරන්න. එතකොට කාලයක් යනකොට රට ඉබේම දියුනුවේවි. පෝස්ටර් කටවුට් , ශබ්ධ වාහිනි කන්කරච්චල වලින් තොර මැතිවරණ සමයක් මගේ ජිවිතයටම දැක්කේ මේ පාර. මැතිවරණ කොමසාරිස් නිතිය අකුරටම ක්‍රියාතමක කරන බව පෙනෙනවා. ජනාධිපති තුමා ජනවාරි 8 වෙනිදට පෙර පොරොන්දු උන පරිදිම මැකෝට ඔහුගේ බලතල ක්‍රියාත්මක කරන්න ඉඩ දීල තිබෙනවා. ජනාධිපති තුමනි ඔබට ස්තුතියි (නදී)

:       0       0

ප්‍රදීප් වැයිහේන Friday, 07 August 2015 04:30 AM

එ්ක යහපාලනයයි. එක්සත් ජාතික පක්ෂයට ජය වේවා ජය වේවා ජය වේවා (නදී)

:       0       0

මුණසිංහ Thursday, 06 August 2015 03:35 PM

එහෙම වෙනසක් අපිටනම් පෙනෙන්නේ නැහැ. (බ)

:       0       0

ජිෆ්රි ගුණසේකර Friday, 07 August 2015 05:00 AM

ශිලා ඔයා මැතිවරණ නිරික්ෂකයෝ හැම මනුස්සයටම එක්කෙනා ගානෙ නැහැ. තම තමා වැරැද්නේ මිදී සිටිමයි කලයුත්තේ. ඔයාට ඔතන කපල මැරුනයි කියන මනුෂ්සයා විතරද අහිංසක වුනේ. නින්දෙන් නැගිට්ටෙ දැන්ද? (නදී)

:       0       0

මහිලාල් Thursday, 06 August 2015 09:20 AM

අප රටට උදක්ම අවශ්‍යව ඇත්තේත් මේ දේම තමා. එනම් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වීමයි. පසුගිය වසර දහයේ අප දුටුවේ පුද්ගල ආධිපත්‍යය ක්‍රියාත්මක වීමයි. (ම)

:       0       0

ශීලා Thursday, 06 August 2015 09:45 AM

කොහෙද නීතියේ අධිපත්‍යය තියෙන්නේ. මැරයෝ වත්තල අහිංසක මුස්ලිම් මනුස්සයෙක් කපල මරලා. කොටහේනේ මැරයෝ අහරේ කැන්වසින් යනවා . කොළඹ හැම තැනම එජාප කටවුට් ගහලා. පොලිසිය අහක බලන් යනවා. මැතිවරණ නිරීක්ෂකයෝ ඩොලර් ටික එකතුකරගෙන බුදි. (නදී)

:       0       0

ජයා Friday, 07 August 2015 07:04 AM

ආණ්ඩු පක්ෂය කරන වැඩ වලට නීතිය ක්‍රියාත්මක වීම අඩුයි නේද?. අඩුයි නෙවේ. ගොඩක් ඒවා දැක්කේ නෑ වගේ ලිස්සලා යනවා. (ම)

:       0       0

සේන Thursday, 06 August 2015 10:23 AM

ඕකට තමයි යහපාලනය කියන්නේ.(ම)

:       0       0

සහීඩ් කටාර් Friday, 07 August 2015 07:49 AM

මැර දේශපාලුවන්ට පොදු ජනතාවට තමන්ගේ මැර බලය පෙන්නන්න බැරි එක ගැන ගොඩාක් අමාරුවෙන් වගේ ඉන්නේ. රටට මෛත්‍රී වගේ ජනාදිපති තුමෙක් ලැබීම ගැන ගොඩාක් සන්තෝස වෙමි. ජනතාවට ජයක් වේවා !! ලංකාවට ජයක් වේවා !!! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site