IMG-LOGO

මවපියා බැදලාද උප්පැන්නයෙන් ඉවත් කරනවාද?

(යොහාන් භාසුර)

දරුවෙක්ගේ උප්පැන්නය ලියාපදිංචි කිරීමේදී මව්පියෝ විවාහක ද කියන කාරණය ඉතාම ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් මවකට සමාජය තනිව ජීවත්වීමේ හැකියාව තිබිය යුතු මෙන්ම එය කිසිම අපහසයකට කාරණයක් නොවන බවත් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (13) පැවසුවා.  

දරුවෙක් හදාගැනීමට අමාරුව තත්වයක් තියෙනවා නම් ඒ දරුවා හදාගැනීමට සූදානම් බව කී අමාත්‍යවරිය අහලා පහළ දරුවෙක්ට කිසියම් විපතක් වෙන්න යනවා යැයි ඉගියක් තිබේ නම් හෝ ඔවුන්ට දරුවා හදාගැනීමට අමාරු නම් 1929 දුරකථනයට ඇමතුමක් දියයුතු බව ද සඳහන් කළාය.

සෑම කාන්තාවක් මෙම දුරකථන අංකය ළග තබාගත යුතු බවත් ගබ්සා කරන එක හොඳ දෙයක් යැයි පෞද්ගලිකව විශ්වාස නොකරන බවත් ඇය කීවාය.

මාතෘත්වය ඉතාම විශාල ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙන බවත් අලුත උපන් බිළිදියව වැසිකිලියක දමා යෑම, සුරතල් දරුවා ඉස්සන් කොටුවකට තල්ලු කර මරා දැමීමට උත්සහ කිරීම සහ පිට රට සිටින බිරිඳට මුදල් එවනනැයි කියලා බලපෑම් කරමින් දරුවට පහර දීම වැනි සිද්ධීන් පසුගිය දින කීපයේදී ඇසීමට ලැබුණු බවත් අමාත්‍යවරිය කීවාය.  

රාජ්‍ය නොවන සංවිධාන දරුවන් වෙනුවෙන් නිවාස 350 කට අධික සංඛ්‍යාවක් ඉදිරි කරලා තිබෙන බව කී ගීතා කුමාරසිංහ මහත්මිය රාත්‍රී කාලයේ හෝ කාන්තාවකට නිවසින් යන්න ඕන නම් කොච්චියට නොපැන එම නිවසට යෑමේ හැකියාව තිබිය යුතු බව ද සඳහන් කරන්නීය.

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේදී අද (13) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසුවාය.   



අදහස් (6)

මවපියා බැදලාද උප්පැන්නයෙන් ඉවත් කරනවාද?

de silva berlin Monday, 13 March 2023 08:11 PM

ලෝකයේ දියුණු රටවල මෙම කරුණු ඉවත් කරලා ගොඩක් කල්.. උප්පැන්න සහතිකයේ ආච්චිගේ, සීයගේ නම, උපන් දිනය වැනි විස්තරත් ඉවත් කළ යුතු බව මගේ අදහසයි.

:       0       0

Sampath Tuesday, 14 March 2023 05:14 AM

උප්පැන්න සහතිකයට දෙමාපියන්ගේ විවහාය ඇතුලත් විය යුතුයි? නැති ප්‍රශ්ණ ඇතිකර රට අවුල් නොකර ඉන්න. එහෙම උනොත් රට පුරා අවජාතක දරැවන් බිහිවේවි වේවි.? කසාද සහතිකය අවශ්‍යයැයි බල්ලෝ බලලූන් වාගේ දරැවෝ බිහි වේවි. ගිතා අක්කේ. ඔයාගේ පාඩූවේ ඔයා ඉන්න. රට ගිණි කියන්නේ නැතුව.

:       4       2

senaTuesday, 14 March 2023 12:00 PM

ගිත නොන කියන කතාව සම්පුර්න ඇත්ත - ඔක උප්පන්නෙ තිබුනත් නැතත් ලමයි බිහිවිමෙ වෙනසක් වෙන්නෙ නැහැ. අනික උප්පැන්නෙ දෙන වෙලාවෙ කවුරුවත් දෙමවුපියන්ගෙ කසාද සහතිකේ බලන්නෙ නැහැ.

:       1       3

Rocky Tuesday, 14 March 2023 05:43 AM

මෙය ප්‍රායෝගිකව කල හැකි වැඩක් නොවේ .දරුවාගේ පියා හැටියට කාගේ හෝ නමක් දීමට මවට ඉඩ ඇති බැවිනි .දරුවකුගේ පියා කවුදැයි හරියටම දන්නේ මවය.සමහර විට එයාද දන්නේ නැත

:       3       2

CK.Lankaputhra. Tuesday, 14 March 2023 07:20 AM

මම හිතාගෙන හිටියේ දැනටමත් ඔය බැන්දලාද නැද්ද යන කාතව උප්පැන්නයට අහන්නෙ නැහැ කියලයි. අනික ඔය ගීතා නෝනගෙ දේශපානය ගැන මොන මොන විවාද තිබුනත් කියල තියෙන්නෙ හරි කතාවක්. .

:       1       3

Lalla Tuesday, 14 March 2023 08:44 AM

මෙතෙක් කලකට ගීත කරපු හොඳම හෝ විශිෂ්ඨතම යෝජනාව විය යුතුයි. වර්තමාන සමාජ ආර්ථික තත්වය මත මේ යෝජනාව සම්මත කිරීම වැදගත්....

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 365 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 910 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1307 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site