IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මවුපියෝ පිරිසක් නීතිය අතට ගනිති

නුවරඑළියේ අධ්‍යාපන චාරිකා ගිය පාසල් දරුවන් පමාවී යැයි බළන්ගොඩදී හා කිරිඇල්ලේ දී බස් රියැදුරන්ට පහරදුන් බව කියන මාපියන් හත් දෙනකු අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරගම පොලිසිය කියයි. කාන්තාවන් දෙදෙනකු ඇතුළු පිරිසක් අතර මඟදී තම දරුවන් ඉල්ලා පහර දුන් බව රියැදුරන් පොලිසියට කියා ඇත. හක්ගලදි කැම ගැනීමෙන් පසු ඇති වූ අජිර්ණයක් නිසා දරුවන් දියතාලව රෝහලට ඇතුළු කළ බව ගුරුවරු කියති.



අදහස් (0)

මවුපියෝ පිරිසක් නීතිය අතට ගනිති

ෆයිසාර් Friday, 23 November 2012 03:52 PM

ඕවත් වැඩද මල්ලී ඕවත් වැඩද ??? (ස)

:       0       0

දීප්ත Saturday, 24 November 2012 03:42 AM

කව්රු උනත් නීතිය අතට ගන්න හොද නැහැ

:       0       0

මාරිස් Friday, 23 November 2012 12:24 PM

මේ දෙමාපියන් ජංගම දුරකථන ගැන දන්නේ නැද්ද (ස)

:       0       0

අජිත් Friday, 23 November 2012 05:49 PM

අසාධාරණයක් වුන එක ඇත්ත නිතිය අතට ගන්න කාටවත් බැහැ (දී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 12:29 PM

මොනවත්ම කරන්න බෑනේ (ස)

:       0       0

ච්ට්ටා Friday, 23 November 2012 12:32 PM

මේ කාලෙ දරුවන්ව දුර බැහැර චාරිකා වලටයවන්න හොද නැහැ (දී)

:       0       0

ප්‍රියන්ත Friday, 23 November 2012 12:59 PM

දරු සෙනෙහස නිසා ඇති වූ කෝපයක් (ස)

:       0       0

සනත් Friday, 23 November 2012 01:36 PM

සන්නිවේදන ක්‍රම,මොබයිල් ෆෝන් පඳුරකට පයින් ගැහුවත් විසිවෙන කාලෙක..මේ ප්‍රමාදයට හේතුව හොයා ගන්න බැරි වුණ එක විහිළුවක්. ළමයි ගැන හොයපු එක වරදක් නෙවෙයි...දැන් ඉතින් පොලිසි ගානෙ යන්නකො දෙමව්පියො... (ස)

:       0       0

ලුම්බිණි Friday, 23 November 2012 02:45 PM

ඇයි මේ අය අත් අඩංගුවට ගන්නේ? නීතිය අතට ගන්න එක දැන් කවුරුත් කරන දෙයක් නේ. මෙතන මොකද්ද වෙනස?..(ස)

:       0       0

මහේෂි Sunday, 25 November 2012 09:04 AM

ජංගම දුරකතන වලින් ඇත්ත තත්වය දැනුම් දුන්නත් තේරුම් නොගත්ත නුගත් දෙමවුපියෝ කීපදෙනෙක් නිසා තමයි මේ දේ සිද්ධ වුණේ.වැසිකිලි සොයාගන්න බැරි අවස්ථාවල පාරවල් අයින්වල පවා දරුවන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න උදවු කළ චාරිකාවට සහභාගී වූ දෙමාපියන්,ගුරුවරුන්,රියදුරු හා රියදුරු සහායකවරුන්ට මේ විදිහට සැළකීම සාධාරණද යන්න තීරණය කිරීම බුද්ධිමත් ඔබ සතු වගකීමක් ලෙසයි මම නම් දකින්නේ. චාරිකාවට සහභාගී වූ හැම දරුවෙක්ම තමන්ගේම දරුවෙක්ය යන හැගීමෙන් රැකබලාගෙන අරන් එද්දී තමන්ගේ දරුවාව විතරක් මහමගට ගිහින් කරදර කරලා පැහැරගන්න හදපු එක සාධාරණද? දරු සෙනෙහස කියන්නේ තමන්ගේ දරුවාට පමණක්ම සෙනෙහස දක්වීම නොවන බව චාරිකාවට සහභගී වූ දෙමාපියන් මුළු බණ්ඩාරගම ජනතාවට පෙන්වා දුන් බව මේ වනවිට රහසක් නොවේ.දෙමාපියන් දරුවන්ව බලෙන් ලබාගන්න උත්සාහ කළ අවස්ථාවේ,දරුවන් ඔවුන් සමග එන්න බෑ කියා කෑ ගසමින් බසයේ ජනේල වසාගනිමින්, තමන්ට මුළු රැයක් පුරා ළඟ සිටිමින් උපස්ථාන කල දෙමාපියන්ට හා ගුරුවරුන්ට කෘතගුණ සැලකු අන්දම අගය කළ යුතුය. (නි)

:       0       0

ශ්‍රීනාත් Friday, 23 November 2012 02:50 PM

මව්පියන්ගේ ආවේගය සාදාරනයි.........ඒත් නීතිය අතට ගැනීම අසික්කිතයි..! හැම ප්‍රශ්නෙකටම කලබලවීමේන් පිළිතුරු සෙවිය නොහැක.......(ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 23 November 2012 03:22 PM

දෑන් හෑමතෑනම ගහගන්න එකේ බස් කාරයන්ටත් ඉදල හිටල පාරක් ගැහුවට කමක් නෑ (ස)

:       0       0

පිටිගල Friday, 23 November 2012 11:04 PM

මේ ප්‍රකෝපකාරී දෙමාපිටන්ට කාගෙවත් එක ජංගම දුරකතන අංකයක් හොයාගන්න බැරි වුණාද ? (ස)

:       0       0

පිටිගල Friday, 23 November 2012 11:14 PM

මේ මනුස්සයෝ ටික ගුරුවරුන්ට ගහවි තමන්ගේ දරුවෝ විභාගේ ෆේල් වුණත් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 583 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 728 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 308 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site