(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මවගේ කොන්ඩ බුලයක් ගෙලට දමා ගත් 8 හැවිරිදි පිරිමි දරුවකු ගෙල සිර වීමෙන් මරණයට පවත්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට මාබෝගඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරාවල කනිෂ්ඨ විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන සේනාධීර පතිරගේ රුවන් මතීෂ පෙරේරා දරුවායි
සිද්ධිය වන අවස්ථාවේදී දරුවා පමණක් නිවසේ සිට ඇති අතර දරුවාගේ මව නිවස ආසන්නයේ අවමංගල නිවසකට සහභාගී වී සිට ඇති අතර වැඩිමල් සහෝදරිය අමතර පන්තියකට ගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඉංගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක වෑද්දුම් කරුවෙකු ලෙස සේවය කරන පියා රැකියාව නිම වී නිවසට පැමිණ කාමරයට යාමේදී දරුවාගේ සිරුර බිත්තියේ එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී හොරණ මූලික රෝහලට රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි
හොරණ මූලික රෝහලේ වෛද්‍යවරුන් දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගත්තද ඔහු මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
දරුවා මවගේ කොන්ඩයට දමන කොන්ඩ බූලක් ගෙලට දමා ගෙන පොත් බෑගය එල්ලීම සඳහා බිත්තියේ ගසා තිබූ ඇනයකට කොන්ඩ බුලය එල්ලෙන පරිදි දමාගෙන පුටුවකින් බිමට පැන ඇති බවට පොලීසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මවුගේ කොන්ඩ බූලයෙන් ආ මරුවා දරුවකු ඩැහැගනී
වීරසිංහ Friday, 07 October 2022 11:35 AM
අට හැවිරිදි දරුවෙක් අනාරක්ෂිත ලෙසට තනිව නිවසේ දමාගිය දෙමාපියන් වරදක් කරල නැද්ද
Rexi Friday, 07 October 2022 03:05 PM
සැකසහිත මරණයක්... 8 හැවිරිදි දරුවකුගේ ගෙල සිරවී මැරෙන්න තරම් අම්මගේ කොණ්ඩ බූලිය හෝ බෑග් එක එල්ලන ඇණයට දරාගන්න පුළුවන්ද? ඇණය කඩා වැටීමක් වෙන්නේ නැද්ද?