IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මව්කිරිවලත් ග්ලයිෆොසෙට්

(විනීතා එම් ගමගේ)

ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ දී ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් ලෙස නම් කොට ඇතැයි කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නිව්යෝක් හි මෙට්‍රොපොලිටන් රෝහලේ වෛද්‍ය අධිකාරී, ලෝක බැංකුව හා යුනිසෙෆ් සංවිධානවල උපදේශකවරයෙකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවෙන් ලබා ගත් සාම්පල පිළිබඳව ඇමරිකාවේ කළ පළමු පරික්ෂණයේ දීම මෙරට වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසේට් බව තහවුරු කරගත් බව ද ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේය.

ඒ පිළිබඳව පළමු පර්යේෂණ පත‍්‍රිකාව පළවූ පසු තමන් සේවය කරන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට මෙරට විද්වතුන් 12 දෙනෙකු විසින් පෙත්සම්  යවා ඇති බවත් ඒ පෙත්සම්වලට පිළිතුරු ලෙස පිටු හැට අටක ලිපියක් ලිවීමට තමන්ට සිදුවූ බවත් ගුණතිලක මහතා පැවැසීය.

ග්ලයිෆොසේට් නිපදවන මොන්සැන්ටෝ සමාගමට මේ වන විට සැන් ප‍්‍රැන්සිස්කෝ නුවර අධිකරණවල පමණක් නඩු 400 කට වඩා පවරා ඇති බවත් ඇමරිකාවේ අධිකරණවල නඩු දහසකට වඩා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ග්ලයිෆොසේට් පිලිකා කාරකයක් බවට මුල්  වරට සැක පළ කළේ 1985 දි ඇමරිකානු පරිසර දෙපාර්තමේන්තුව  විසින් බව පැවසූ ගුණතිලක මහතා එය සී වර්ගයට අයත් පිළිකා කාරකයක් බව පසුව සොයා ගත් බව ද පැවැසීය.

ග්ලයිෆොසේට්, මේස ලූණුවලටත් වඩා සුරක්ෂිතයැයි එකී සමාගම පළ කළ දැන්වීමකට එරෙහිව පැවරූ නඩුවකින් එම සමාගමට ඩොලර් 50000  ක් දඩ ගෙවීමට සිදුවූ බවත්, 2012 වසරේ දී එවැනි දැන්වීමකට එම සමාගමටම බ‍්‍රසීලයේ දී ඩොලර් 250000 ක් දඩ ගැසූ බවත් මහාචාර්යවරයා එළි කළේය.

යුරෝපීය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ මුත‍්‍රා සාම්පල පරික්ෂා කිරීමේ දී ජලයේ ඇති ග්ලයිෆොසේට් ප‍්‍රමාණය මෙන් 13 ගුණයක් එම සාම්පල වල ග්ලයිෆොසේට් තිබු බව ද හෙළි වී ඇතැයි හෙතෙම පැවැසීය.

මව්කිරිවල පවා ග්ලයිෆොසේට් අඩංගු බව මේ වනවිට හෙලිවී ඇතැයි පැවසූ ගුණතිලක මහතා ග්ලයිෆොසේට් නිසා පිලිකා වකුගඩු රෝග පමණක් නොව ස්මරණය අඩු වීම, දියවැඩියාව,ඔටිසම් තත්ත්වය වැනි රෝග රැසක් ඇතිවිය හැකි බව පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද කීය. 

මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ උපාය මාර්ගික සංවර්ධන ආයතනයේ (සෙමා) අද (05)පැවැති ප‍්‍රසිද්ධ දේශනයක් අමතමිනි.

 

 

 



අදහස් (14)

මව්කිරිවලත් ග්ලයිෆොසෙට්

Raveendra Tuesday, 05 June 2018 09:47 AM

හත්දෙයියනේ ????? පසුගිය දවස්වල් අපට ග්ලයිෆොසේට් නැතුව වැසිකිලි යන්නත් බැහැ වගේ " කියල නේද සමහර ඉගෙනගත්ත ඔස්තාර්ලා කියල කියාගත් අය මහහඩින් රට දෙවනත් වෙන්න කෑමොර දුන්නේ ???

:       0       166

අචලා Tuesday, 05 June 2018 10:08 AM

මව්කිරි වල ග්ලයිෆොසෙට් තියෙනවා? මොන බොරුද. අවුරුදු දහස් ගාණක් තිස්සේ ළමයි බිව්වේ මව් කිරි. පිටි කිරි සමාගම් හදන්නේ බොරු ප්‍රචාර හදලා ළමයින් මව් කිරි බොන එක නවත්වන්නයි. 1970 දශකයේ නෙස්ලේ සමාගමත් මේ වගේම වැඩක් කරා. මේක නිසා අප්‍රිකාවේ ළමයි සියගණනකට වඩා මැරුණා..

:       21       5

dhammikaTuesday, 05 June 2018 12:21 PM

මේක ග්ලිෆොසේටේ අඩංගු අාහාර ගැනීම නිසා මව්කිරි වල අඩංගු වෙනවා වෙන්න පුළුවන් නේද ?

:       0       0

rasikaTuesday, 05 June 2018 04:09 PM

පටලව ගන්න එපා.. මුත්‍ර සාම්පල වල ග්ලයිෆොසේට් තියෙනවනම් මව්කිරි වලත් තියෙන්න පුළුවන්. මේක මේ ලගදී අපේ ශරීරයට ඇතුල්වෙලා තියෙන්නේ , අපි බීමට ගන්න ජලයෙන් එහෙම නැත්නම් ආහාරවලින්. පොලවට යොදන ග්ලයිෆොසේට් ජලය සමග මිශ්‍රවෙලා අපේ ශරීරයට ඇතුළුවෙලා. එහෙමේම නැතුව අනාදිමත් කාලයක ඉදන් අපි ග්ලයිෆොසේට් භාවිත කලේ නැනේ.. ඉතින් ඒ කලේ අපේ ශරීරයට ග්ලයිෆොසේට් ඇතුල්වෙලා තිබුනේ නැ. ඉතින් පිටි කිරිවලත් ග්ලයිෆොසේට් ඇති. මොකද එලදෙන්නු බොන ජලයේ ග්ලයිෆොසේට් මිශ්‍ර වෙලා.

:       1       8

ලසන්ත Tuesday, 05 June 2018 10:15 AM

දේශපාලකයන් හිතන හැටි... ග්ලයිෆොසේට් පිළිකා කාරකයකි. ශ්‍රී ලංකාවෙන් ලබා ගත් සාම්පල පිළිබඳව ඇමරිකාවේ කළ පළමු පරික්ෂණයේ දීම මෙරට වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසේට් බව තහවුරු කර ඇත. මව්කිරිවල පවා ග්ලයිෆොසේට් අඩංගු බව මේ වනවිට හෙලිවී ඇත. මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ලොවපුරා අධිකරණ වල නඩු දහස් ගණනක් පවතී. දසදහස් ගණනින් දඩ ගෙවා ඇත. එනමුදු, ග්ලයිෆොසේට් මේස ලූණුවලටත් වඩා සුරක්ෂිතයැයි එම සමාගම පවසන බැවින් ලංකාව තුළ තහනම ඉවත්කිරීමට කටයුතු යොදමින් පවතී.

:       1       7

Ranjith Silva Tuesday, 05 June 2018 10:15 AM

කෝකටත් ඔලුව වනන්න හැකි උතුමාණනි දැන් වත් අවදි වන්න.

:       0       11

ජගත් ලියනගේ Tuesday, 05 June 2018 10:46 AM

පහුගිය දවස් වල, ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න, පුදුම උනන්දුවකින් වැඩ කරපු අය , දැන් මොකද කියන්නේ ?

:       0       14

gunarathna Tuesday, 05 June 2018 11:31 AM

රතන හාමුදුරුවනේ ඔන්න වෙලාව. දෙන කිසි එකෙකුට කතා කරන්ට දෙන්ට එපා ග්ල්ය්ෆොසෙට් ගැන.

:       0       12

බණ්ඩාර *(කැකිරාව ) Tuesday, 05 June 2018 11:40 AM

රට නුසුදුසු පාලනය බරගත්විට මේවා තමයි සිදුවෙන්නේ .

:       0       10

ප්‍රවීන් Tuesday, 05 June 2018 12:09 PM

අම්මලා කන කෑම වල අන්තර්ගත දේවල් මව් කිරිවල අන්තර්ගත වෙනවා. ඒ නිසා අපි කන ආහාර වල තියෙන කෘමිනාශක වල්නාශක වුනත් ඒ විදියට මව්කිරිවලට යන්න පුලුවන්. ඒ නිසයි මව්කිරි දෙන අම්මලාට සමහර බෙහෙත් වර්ග වර්ග නොදෙන්නෙ. මේකෙන් අදහස් කරන්නේ නෑ මව්කිරි වෙනුවට පිටි කිරි දෙන්න ඕනේ කියලා මොකද පිටි කිරිවල ඊට වඩා අහිතකර සංයෝග අඩංගු වෙනවා. ඒ නිසා පුලුවන් තරම් ආහාර ගන්න කොට අම්මලා සැලකිලිමත් වෙන එක වැදගත්.

:       0       0

Cyril Tuesday, 05 June 2018 01:21 PM

ග්ලයිෆොසෙට් තහනම් නොකරපු රටවල් තව අතලොස්සයි තියෙන්නේ. ඕක ඕනේ කියල කෑගහන්න ගොවියෝ නොවෙයි. කුට්ටිය බෙදාගන්න කට්ටිය

:       0       0

rasika Tuesday, 05 June 2018 04:04 PM

මිනිස්සුන්ව ලෙඩ කරන්නේ මේ රටේ දේශපාලකයෝ. රතන හමුදුරන්ට බොහොම පින් ඔබ වහන්සේ කරපු දැනුවත් කිරීම් වලට

:       0       4

Bamunuarachchi Tuesday, 05 June 2018 05:45 PM

ග්ලයිෆොසෙට් ඕනේ කියන අය මවකිරි නොබිව් නිසා ඔවුනට ප්‍රස්නයක් නැත.

:       0       0

Samathasena A Aluthgama Wednesday, 06 June 2018 05:00 AM

වහාම ග්ල්යිපොසෙට් තහනම් කොට,සියලු වගාවන් සඳහා ඒවා නොදීමට පියවර ගත යුතුයි. නැතහොත්,වෙන්නේ මහා විනාශයක්.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 42 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


සභා 149ක බලය අල්ලන්න විපක්ෂයෙන් ගේමක්
2025 මැයි මස 09 72 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ


ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 210 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 907 1

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 223 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 477 3

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 12 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1289 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site