(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීට දින කිහිපයකට ඉහත දී දරුවකු ප්‍රසූත කළ මවකගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි  යාපනය මූලස්ථාන පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ යාපනය අන්නා පත්තිනි ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි ජී.කේ. ක්‍රිෂ්ණ බවානි නැමැති කාන්තාවකි.

දරුවාට ලබාදීමට නිසි ලෙස  මව්කිරි දෝවනය නොවන බවට සිතමින් ඇය පසුතැවිල්ලෙන් සිටි බවද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. මෙම  මරණය ඒ් හේතුවෙන් සිදු මරණයක්ද පිළිබදව සැක ඇති බවත් ඒ් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවත් පොලීසිය කියයි.