(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හත් හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන මවක සහ මිත්තණියක අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලීසිය කියයි.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම් වරයාට ලැබුණු වීඩියෝ පටයක් අනුසාරයෙන් පරීක්ෂණ පැවැත් වා මෙම මව සහ මිත්තණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අද පස්වරුවේ දීය.
ගනේගොඩ ප්‍රදේශයේ වෙසෙන මෙම පවුලේ දරු තිදෙනකු විහාරස්ථානයක දිවි ගෙවන බවත් ඔවුන් තිදෙනා නිවසට පැමිණි අවස්ථාවේ මිත්තණියට වන්දනා නොකළැයි කෝපයට පත්ව මව සහ මිත්තණිය පහරදී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ
වයස අවුරුදු දාසය නමය හා හතේ දරු තිදෙනා විහාරස්ථානයක වෙසෙන අතර දියණිය පමණක් මෙම නිවසේ සිට ඇතැයිද මව සහෝදරයාට පහර දෙන අවස්ථාව වීඩියෝ ගත කර ඇත්තේ එම දහතුන් හැවිරිදි දියණිය බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත
දරුවාගේ ප්‍රකාශය සටහන් කළ බවත් ඔහු අද වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පල්ලවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නායක මහතා පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරයේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු වූ, ඔබ මතු බුදුවන දවසේ, මා රාහුල කුමරුන් සේ, සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි, සුළඟිල්ලේ එල්ලී... මේ මව් ගුණ ගීතය මේ යක්‍ෂ ගැහැණුන් අසා තිබෙනවාදැයි සැකයකි.. වීඩියෝ කරපු ගැහැණු දරුවාටත් දෙවියන්ගේම පිහිටයි.. දරුවන් හදා වඩා ගන්නට බැරිව පන්සලට බාර දුන්නාට, මේ අම්මණ්ඩිට නම් කෑමෙන් බීමෙන් අඩුපාඩුවක් නැති හැඩයි.. පව් අර පොඩි දරුවා...
උදේ හවස බණ අහන හදවත කුරිරු මිනිස්සු .
" මවගේ සෙනෙහෙ කිම ? මේ ලෙස ලැබ පුතුනේ ... පුංචි සිතට ඇයි දෝ මේ දුක ලැබුණේ ... ලේ කිරිකර පෙවූ මව් සිත උණු නොවුනේ ... මොන පවකටද නුඹ හට මේ මව ලැබුණේ ... "
දිගටම බලන්න බැහැ , හම්මෝ පොඩි එකා. දරුවන්ට ආදරේ දෙන්න ඕනේ, වැරදි ආදරෙන් පෙන්වලා දෙන්න ඕනේ.
අපොයි දෙවියනේ.. අම්මා කෙනෙකුට මෙහෙම දරුවෙකුට ගහන්න පුළුවන්ද?.. මොකක්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.. තමන්ගෙම දරුවෙකුට මෙහෙම පහර දෙන මේ ගැහැණු වෙනත් දරුවෙකුට මොනවා කරයිද?..
මේකටද අමානුෂිකයි කියන්නෙ?? අපේ අම්මත් මට ගහලා ඇති ඔයිට වඩා දරුණුවට.. මිනිස්සුන්ගෙ අනුකම්පාව දිනාගන්න හොඳයි.. පොඩි ළමයි හදන එක එක විදි තියනවා.. මේකත් එක විදියක් විතරයි මට නම්..
දවස ආරම්භයේ දීම අපට කියවීමට ලැබුනේ දරු සෙනෙහස පිලිබදව අසංවර පුවතකි.
ඔතරම් පහර දෙන්නත් පන්සලක නවත්තලා තියාගන්නත් බැරි නිසා වෙන්න ඇති නේ..... මට දෙන්න ඔයා කුඩා ළමයා මම කවලා පොවලා පාසල් යවලා දරුවාගේ අනාගතය හදලා දෙන්නම්.....
මෙතන විශාල ඛේදවාචකයක් තියෙන බව පේනවා. ළමයි තුන්දෙනෙක් ඉන්නේ විහාරස්ථානයේ. සමාජ ගැටළුවක්. දඬුවමට අමතරව විසඳුම් දිය යුතු ගැටළුවක් තිබෙනවා.
ළමයා මුරණ්ඩු කියලා පේනවා.. ආච්චිට වඳින්න කියන්නේ... අම්මාට අවනත නැහැ දරුවා.. අපිට අපේ අම්මා මීට වඩා ගහල හදලා තියෙන්නේ පොඩි කාලේ.. මෙහෙම පොඩි කාලේ ගහලා හදන්නේ නැත්නම් ලොකුවෙලා පොලිසියේ හිරේ, බන්ධනාගාරයේ්, එතැනින් පාතාලයේ කෙනෙක් එක්ක සෙට්... ඊට පස්සේ පවුලේ කට්ටිය ඔක්කොම අමාරුවේ.. මේක සමාදානයෙන් විසඳුමක් දීලා කරුණු අවබෝධ කරන්න ඕනෑ දෙයක්.. දෙපැත්ත ගැනම කරුණු හරියට විභාග කරලා..
ඒ දරුවා වදපු කෙනාගේ නම ගම නැත්තේ ඇයි?
කොල්ලා නොසණ්ඩාල වැඩක් කරා නම් අම්මට තිබුණා පොලිසි යන්න... මේක බලන හැම අම්මම නීතියට අනුව ඒ විදියට කරන්න...
මේ වගේ ගෑණු ඉන්නවා ඔනෑ තරම්... ඒ අයටත් තේරෙන්නේ මේ කාන්තාව අවුරුදු 10ක් වත් හිරේ යවන්න ඕනේ...
අපේ අම්මලා අපිට ගහන කාලේ එෆ්.බී. තිබ්බා නම්, අම්මා තාම හිරේ, ආච්චි අම්මාට පයින් ගැසූ දරුවාට ඇයගෙන් සමාව ගන්න කියලා තමයි ඕක වෙන්නේ. ගහන්නෑ වැඳපන් කියලා කියද්දීත් ඇට්ටරකමට නිකං ඉන්න හින්දා තමයි ඔය ශොට් ටිකක් වදින්නේ. හරි වැරැද්ද කොහොමද දන්නෑ. ළමයි වුණාමත් ටිකක් කීකරු වෙන්න ඕනෑ. නැත්නම් ආච්චිඅම්මාට උස්සපු කකුලම තමයි හෙට අම්මාටත් උස්සන්නේ..
මෙතන ප්‍රධාන වැරදිකාරිය මිත්තණිය. හොදටම පේනවා ඇය වැදුම් ගන්න බලාගෙනම ඉන්නවා. දරුවට ගහන්න ගහන්න බලන් ඉන්නවා. හොද නරක දන්න වැඩිහිටියෙක් නම් කරන්නෙ මුලින්ම දරුවා අම්මගෙන් ඈත්කරගෙන පහරදීම වළකන එක. ඒකෙන්ම දරුවාගේ හිතේ මිත්තනිය කෙරේ සියුම් ආදර හැගීමක් ඇතිවෙනවා. ඒක හැගීමෙන් එන්න ඕනෙ ඒ හැගීම ඇතිකරගන්න වැඩිහියෝ දැනගන්න ඕනෙ දරුවෝ ඉදිරියේ හැසිරෙන්න.. අත්තම්මා දැනගන්න ඕනෙ හීන් නූලෙන් දරුවාව හොඳ මඟට හරවාගන්න.
මේ අයට දඩුවම් නම් ලැබියයුතුමයි