මේ දිනවල කොළඹ, ගම්පහ, මහනුවර, නුවර එළිය පෙදෙස්හි මග දෙපස රෝස පැහැ මල් පිපුණු ගස් බොහෝය.
මේ මල් තබෙබුයා රෝසියා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බව පේරාදෙණිය ජාතික උද්බිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කියයි.
වෙනිසියුලාව, ඉක්වදෝරය හා මෙක්සිකෝව නිජබිම කරගත් මෙම මල් හටගන්නා ගස් බ්‍රිතාන්‍ය යුගයේ ශ්‍රී ලංකාට හඳුන්වා දෙන්නට ඇතැයි ද ඔහු කියයි.
මෙම මල්වලට සිංහල නමක් නැති නමුත් ශ්‍රී ලංකා සකුරා යැයි ඇතමෙක් කියති. මැයි මල් යැයි තවත් අය කියති.
නියං කාලයේ දී දැකිය හැකි මේ මල් ගස් මුදුන් පමණක් නොව ගසේ මුල ද ලස්සන කරයි.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් පිපිලා උඩත් බිමත් හරිම ලස්සනයි
රොෂාන් Monday, 24 March 2014 05:48 PM
බදුල්ලේ පෙට්රෝල් ෂෙඩ් එක ලඟ මේ ගස් තියෙනවා හරිම ලස්සනයි (අ)
චමී Tuesday, 25 March 2014 12:27 PM
“රොබරෝසියා“ මිහිකත හැඩ කරන “රොබරෝසියා“ (ස)
තාරගා Wednesday, 02 April 2014 01:57 PM
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තමයි වැඩියෙන්ම මල් පිපිලා තියෙන්නේ. (නි)
ශාන්ති Tuesday, 25 March 2014 12:38 AM
සුන්දර දසුනක් (දී)
උපුල් Monday, 24 March 2014 12:28 PM
නිට්ටඹුව - තිහාරියේ මෙම මල් දැකිය හැකිය.(නදී)
සමින්ද Monday, 24 March 2014 12:29 PM
හරිම ලස්සනයි.(නදී)
නන්ද Monday, 24 March 2014 01:06 PM
මේවා රොබොරෝසියා නේද? (නදී)
සශිකා Monday, 24 March 2014 01:14 PM
මේවා නගරය අලකාර කරනවා. (ස)
චාමික Monday, 24 March 2014 01:16 PM
ජපානයේ දකුණු ප්‍රදේශ වල දැන් සකුර පිපීගෙන එනවා. ලංකාවේ උන්නතාංෂය අනුව සකුරා පිපේ නම්, පිපීම උපරිම විය යුතු කාලයයි මේ. ජපන් ජාතිකයන් පවසන්නේ රොබරෝසියා සකුරා වර්ගයක් බව. ජපානයේත් මේවා පිපීගෙන එන්නේ දැන්. (ස)
ප්‍රදීප් Tuesday, 25 March 2014 03:25 AM
මේ මල් " රබරෝසියා". නුවර මාලිගාවේ මහමලුවෙත්, පේරාදෙණිය සරසවියේත් මේවා තියෙනවා.(නදී)
චන්දි Monday, 24 March 2014 01:40 PM
සිත් පිනවන සුන්දර දසුනක්, ලංකාදීපයට තුති...!!! (ස)
සුමිත් Monday, 24 March 2014 03:01 PM
ලන්ඩන් වලත් දැන් මේවා පිපිලා. හරිම ලස්සනයි .. (ස)