IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මල් පූජා කර පංසලේ පිං කැටය කඩයි

මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයට සැදැහැවතකුගේ වෙස් ගෙන ඇතුළු වූ සොරකු විහාරගෙයි ඇති පිං කැටය කඩා මුදල් සොරාගෙන ගොස් ඇතැයි විහාරාධිපති වැලිගල්ලේ පඤ්ඤාලෝක හිමියෝ මිරිහාන පොලිසියට පැමිණිලි කළහ.

සැකකරු විහාරගෙට ගොස් මල් පූජා කර පසුව පිං කැටය කඩන අයුරු සීසීටීවී කැමරාවල පටිගතවී ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්ය.

vlcsnap-2015-06-07-17h08m44s129 vlcsnap-2015-06-07-17h09m14s177 vlcsnap-2015-06-07-17h09m17s208 vlcsnap-2015-06-07-17h11m10s55(1) vlcsnap-2015-06-07-17h11m10s55 vlcsnap-2015-06-07-17h11m17s131 vlcsnap-2015-06-07-17h13m58s206 vlcsnap-2015-06-07-17h14m39s98



අදහස් (0)

මල් පූජා කර පංසලේ පිං කැටය කඩයි

ඉසුරන්දි Monday, 08 June 2015 04:20 AM

ඒ මනුස්සයට පින පලදීලාද කොහෙද. (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 08 June 2015 04:31 AM

සත්‍යා, නිකන් මෝඩ කතා කියන්න එපා. ඔයා බොර දියේ මාළුබාන්න එපා. (නි)

:       0       0

සේන Sunday, 07 June 2015 02:51 PM

මල් පූජා කරපු ගමන්ම පින පළදෙනවා කියලා මිනිහා හිතාගෙන ඇති (නි)

:       0       0

සරත්චන්ද්‍ර බ.හ. Sunday, 07 June 2015 03:18 PM

මෙයා නම් බඩගින්නට හොරකම් කරන්න ඇති (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Sunday, 07 June 2015 03:29 PM

අනේ කමක් නැහැ, නැති බැරි කෙනෙක්නෙ කැඩුවේ (නි)

:       0       0

සුනීත Monday, 08 June 2015 05:52 AM

පන්සලේ පින් කැටේ කී දෙනෙක් හොරෙන් කඩනවද ? නීත්‍යානුකූලව ඔය පින්කැටෙන් අඩුම ගානේ පන්සල්වලටවත් උදව්වක් තියෙන්නේ හරිම අතලොස්සක් පන්සල්වල විතරයි. හාමුදුරුවනේ බුද්ධ ධර්ශනයට අනුව අතහරින්න පුරුදු වෙන්න. බන කිව්වට මදි බන පිලිපදින්නත් පුරුදුවෙමු. වෛරයෙන් වෛරය නොසන්සිදේ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න. ඒ මනුස්සයට ජීවත්වෙන්න මගක් කියාදෙන්න කළුතර බෝදිය සහ මාලිගාව එක්ක කතා කරලා. (නදී)

:       0       0

යහපාල Sunday, 07 June 2015 04:23 PM

මේ දවස්වල නිතර පන්සල් යන හොරු ප්‍රමාණය වැඩිවෙලා වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

ලලිත් වීරරත්න Monday, 08 June 2015 06:14 AM

එතකොට මේ පුද්ගලයා පන්සිල් පද පහ කියලද ? (නදී)

:       0       0

ඩයස් Sunday, 07 June 2015 05:02 PM

මේ පුංචි අහිංසක හොරෙක්! ඔය පින් කැටේ කැඩුවා කියලා මොකක්ද ගන්න පුළුවන් මුදල? (නි)

:       0       0

ලලිත් වීරරත්න Monday, 08 June 2015 06:23 AM

‘අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි‘ දන්නේ නැතිව ඇති සමහරවිට මේ පුද්ගලයා නේද (බ)

:       0       0

සුරන් Monday, 08 June 2015 06:23 AM

සත්‍ය" පන්සලේ පින්කැටය කැඩුවට හාමුදුරුවෝ සොරා මත්තේ නැහෙන්නේ නැහැ. මන්ද එතුමන්ල තණ්හාව අතහැරීමේ මාර්ගය හෙවත් නිවන් මාර්ගය කරා යොමුවෙන නිසා. ගොඩක් පන්සල්වල හාමුදුරුවන්ව ඝාතනය වුනේ නිදන් වස්තු ලබා ගැනීමට පැමිණි සොරුන් අතින්. අන් ආගමික ස්ථානවල වෙවැනි වටිනාකමක් ඇති නිදන් වස්තු නැත. තිබුනානම් ඒ හොරු ඒ තැන් වලට අනිවාර්යෙන්න්ම පනිනවා. ඒ නිසා අනුවන පාප කාරයන් කරන ක්‍රියාවන් දෙස බලා ආගම් සංසන්දනය කරන්න යන්න එපා. (බ)

:       0       0

චාන්දි Sunday, 07 June 2015 10:16 PM

හරිම අපූරුයිනේ! මොහුට නම් හොඳ දඬුවමක් දියයුතුයි (නි)

:       0       0

සමන්ති Monday, 08 June 2015 02:35 PM

මේවා පින් කැට නොවේ . මේවා පඬුරු කැට (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 June 2015 11:07 PM

'පින් හොරා' අතේ මාට්ටු! (නි)

:       0       0

සම්පත් Monday, 08 June 2015 12:59 AM

සමහරු පන්සල් යන්නේ පින්වත් සිතින් නොවේ. මොහුටත් එවැනි සිතුවිල්ලක් එන්න ඇති. (නි)

:       0       0

සමන්ති Monday, 08 June 2015 01:02 AM

සමහරු ආගමික ස්ථානවලට යන්නේ කුසල් ඇති සිතකින් නොවේ.තමාගේ වාසියට.මොහු අනාගතයේදී දේශපාලකයෙක් වේවි. (නි)

:       0       0

පණ්ඩුක Monday, 08 June 2015 02:11 AM

පව්, දුප්පත් කෙනෙකුට කන්න දුන්නා කියලා හිතාගන්න පුළුවන්. මොනවා වුණත් මොහු බලවත් පාපකර්මයක් සිදුකරගත්තා (නි)

:       0       0

සරසි Monday, 08 June 2015 03:08 AM

බුදු මැදුරේත් සීසීටීවී කැමරා සවිකරන්න වුණා කියන්නේ මේ රටේ උදේ හවස කියන බණ කවුරුවත් අහන්නේ නැතුවාවද්ද? (නි)

:       0       0

සත්‍යයා Monday, 08 June 2015 03:23 AM

පන්සල් වල පින් කැට කැඩුවට පල්ලිවල පින් කැට කැඩූ බවක් නම් අපි කවදාවත් අහල නැහැ. හාමදුරුවෝ සිය ගණන් පන්සල් වල මරා දැමුවත් වෙනත් ආගමක කිසිම පුජකයෙකුට අත නොතැබීමේ රහස කුමක්ද? ඒ ආගම්වල ඔවුන්ව රකින්න දෙවි වරු ඉන්නා නිසාද. මෙසේ පන්සල්වලට හිමිවරුන්ට හිරි හැර කර දෙන්න යන පණිවිඩය බෞද්ධයොත් දෙවිවරයෙකු ගේ පිහිට පැතිය යුතු බවද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site