IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මාල කඩන යොවුන් කුමාරිකාවෝ තුනකට මාංචු

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර සිට අම්පිටිය බලාධාවනය වූ බසයක් තුළදී උපායශීලීව කාන්තාවකගේ රන් මාලයක් ගලවාගත් නව යොවුන් වියේ තරුණියන් තිදෙනකු මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

එම තරුණියන් තිදෙනා ෙමහනුවර සිට අම්පිටිය බලා ධාවනය වන බස් රථයකට නැග කිලෝමීටර් දෙකක් යාමටත් පෙර රතු බෝක්කුව හන්දිය ප්‍රදේශයට පැමිණෙන විට එහි ගමන් ගත් කාන්තාවක තම ගෙල බැඳි රන් මාලය නොමැති බව දැන ගැනීමෙන් පසු බස් රථයේ සිටි මගී ජනතාවට ඒ බව දැනුම් දීමත් සමග බස් රථයේ සිටි කිසිවකුටත් පිටවීමට ඉඩ නො තබා පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබේ .

ඒ අනුව ක්‍රියාත්මක වූ මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් බස් රථයේ සිටි සැකකටයුතු පුද්ගලයන් පරික්ෂා කිරීමේදී එහි සිටි තරුණියකගෙ තිසර පටය තුළ සඟවාගෙන සිටි රන්මාලය හමුව තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ සිටි අවුරුදු 18-22 වයසේ තරුණියන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තරුණියන් දෙදෙනකු කුඩ සහ අත් බෑග්වලින් ආවරණය කරගෙන සිටියදී රන් මාලයේ ගාන්චු වෙන්ම එය ගලවා ගත් බවයි .

අත්අඩංගුවට පත් තරුණියන් පුත්තලම, ත්‍රිකුණාමලය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳ තොරතුරු වාර්තාවක් දිවයිනේ සියලු පොලිසිවලින් කැඳවා තිබේ .

 



අදහස් (7)

මාල කඩන යොවුන් කුමාරිකාවෝ තුනකට මාංචු

Senaka Sunday, 18 June 2023 08:12 PM

ඔය අපරාධකාරයන්ගේ විස්තර ටික සිස්ටම් එකකට දාලා ලංකාවෙ කොහේ හිටියත් හොයන්න පුලුවන් විදියට හදපංකො. ඔච්චර දෙයක් කර ගන්න බැරි උනාද යකෝ තාම. මාල කඩනවට වඩා දරුණු අපරාධ ලංකාවෙ වෙනව සෑහෙන්න. හොරු නවීන තාක්ශනෙන් වැඩ. පොලීසිය තාම එකදාස් අටසිය ගණන් වල ක්‍රමේට වැඩ. ඉදකින් විතරක්.

:       0       0

සල්ලි Monday, 19 June 2023 06:55 AM

රටම මස්තබාල්දු කළ දේශපාලන කුමර කුමරියෝ තවම නිදහසේ ඉන්නේ සතුටුයි නේද?

:       2       2

ලුම්බිණි Monday, 19 June 2023 08:36 AM

චාලීස් ඒන්ජල්ස්.

:       0       3

Kanji Monday, 19 June 2023 09:21 AM

අරගලයේ ප්‍රතිපල තමයි .මේකට අරගල කරපු අය සහ ඒකට ඉඩ දීපු නායකයා වග කියන්න ඕනේ

:       13       3

කිරිපුතා Monday, 19 June 2023 09:27 AM

බස් එකේ සිටි සියලු දෙනා ඉතා බුද්ධිමත් ලෙස ක්‍රියා කරලා තියෙනවා .එය වෙනත් මෙවැනි අවස්ථාව වලට ආදර්ශයක්

:       1       18

ගමේ එකාලා Monday, 19 June 2023 09:41 AM

.මාල කඩපු දූෂිත දේසපාලුවෝ ඉන්න රටේ ඕකත් මහ දෙයක් ද? දේසපාලනේට එන්ඩ සුදුසුකම් ලැබිලා?

:       3       12

MPMonday, 19 June 2023 10:30 AM

එහෙනම් මෙගොල්ලොත් පාලිමන්ට් ගිහින් තමයි නවතින්නේ

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2212 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site