IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මල් කැකුළක් වැනසූ සිවිල් ආරක්ෂක හිටපු උප ලේකම් අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අවුරුදු හයක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 68 හැවිරිදි වියේ පසු වන එක් දරු පියෙකි.

මෙම සැකකරු වසර ගණනාවක් තිස්සේඔහු පදිංචිව සිටින ප්‍රදේශයේපිහිටි සිවිල් ආරක්ෂක කමිටුවේ උප ලේකම් ධුරය දරා මෑතකදී නිලවරණයේදී එම තනතුර අහිමි වී ගිය අයෙක්  බව කියති.

බාල වයස්කාර දැරියගේ මව  සිදු කරන ලද පැමිණිල්ලක් අනුව දැරියගෙන් ද  ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පුද්ගලයා අසල්වැසිනිවසක පදිංචිව සිටිනදැරියගේ නිවසට පැමිණමෙම දැරියට ලිංගික අතවර සිදුකර තිබෙන බවපොලිසිය සදහන් කරයි.

ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන දැරියවෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි

කුරුණෑගල කොට්ඨාසය බාර භාර ජේෂ්ඨ  පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී අතුල කරුණාපාල යන මහත්වරුන්ගේ උපදෙස් මත මාවතගම වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එම්. ඒ. දසනායක මහතාගේ මෙහෙයවීම   එම පොලිසිම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ශාන්ති  පුෂ්පලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන්උප පොලිස් පරීක්ෂක ජයරත්න, පොලිස් සැරයන් වීරසේකර(39345),පොලිස් කොස්තාපල් ඒකනායක (34731)යන මහත්තුරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් වෙලගෙදර (10410) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි 



අදහස් (0)

මල් කැකුළක් වැනසූ සිවිල් ආරක්ෂක හිටපු උප ලේකම් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site