IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මල් කැකුලක් තැලු රියදුරු දෙන්නා සොයයි

ළමා නිවාසයක  නව හැවිරිදි දරුවකු පාසලට යන ගමන් රවටා අපයෝජන කළැයි කියන වෑන් රියදුරකු හා ත්‍රිරෝද රියදුරකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.

 ළමයා ළග මුදල් ගැවසීම ගැන පාසලේ අවන්හල් හිමියාටද  විදුහල්පතිටද ඇති සැකය මත සොයාගෙන ඇත්තේ සැකකරුවන් දෙදෙනා ඔහුට  රුපියල්  පනහ සීයය බැගින් මුදල් දී ඇති බවයි.



අදහස් (0)

මල් කැකුලක් තැලු රියදුරු දෙන්නා සොයයි

රොකි Sunday, 16 June 2013 09:16 PM

මෝඩ මිනිසුනේ, එල්ලුම් ගහ ක්‍රියාත්මක කොරන්ඩ කීවට එකෙනුත් ඉස්තරම් මෙතන ජාවාරමක් කොරන්ඩ පුළුවන් අපේ අයියලාට කියන එක හිතන්න තරම් වත් නුඹලාට ඔලුවක් නෙද්ද? (අ)

:       0       0

හිල්මි Monday, 17 June 2013 09:53 AM

මං නම් මේවට දෙන දඬුවම ගැන කියන්නේ නෑ, එතකොට කට්ටිය කියයි ලංකාවේ සරීහා නීතිය ගෙන එන්න හදනවා කියල.(ස)

:       0       0

හේරත් Sunday, 16 June 2013 09:46 PM

වඩක් නැහැ අපි මොනා කිව්වත් රටේ නායකයන් මේවා කියවන්න නැහැ?(අ)

:       0       0

පියල් Sunday, 16 June 2013 11:03 PM

මේවා නවත්වන්නනම් සරත් ෆොන්සේකා වැනි නිර්භීත නායකයෙක් විය යුතුයි.(නදී)

:       0       0

ජනක් Sunday, 16 June 2013 11:27 PM

මේවට වග කියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

අමාලි සිල්වා Sunday, 16 June 2013 03:04 PM

ළමා අපාචර දැන් ඉහලම ගිහින්. ගෙවල් වල මව්පියන් දැන් සිටම කුඩා ළමයින් දැනුවත් කිරීම අතවශ්‍ය දෙයක්. විශේෂයෙන් කුලී රථ රියදුරන් පාසල් රථවාහන රිය දුරන් ගෙන් බේරී සිටීමට ගෙවල් වලින් සහ පාසල් වලින් කුඩා ළමයින්ව දැනුවත් කිරීම පටන් ගත යුතුයි. ඒ සමගම මෙම අපාචර ක්‍රියා කරන ඕනෙම කෙනෙක් තරා තිරම බලන්නේ නැතුව දිය යුතු ඉහලම දඬුවම ලබා දිය යුතුයි. ඔවුන් ගැන මාධ්‍ය මගින් රටටම හෙළි කර දිය යුතුය. නැතිකම් මොවුන් නැවතත් මෙම අපාචර වලටම ඇබ්බැහි වනු ඇත.(නදී)

:       0       0

නීල් Sunday, 16 June 2013 03:33 PM

ඥාති සහෝදර සහෝදරියන්, මාමලා ,නැන්දලා අතින් පිටත සමාජය නොදැනුවත්ව සිදුවෙන ළමා අපචාර වගේම ආගමික සිද්ධස්ථාන, ශිෂ්‍ය නේවාසිකාගාර, සංගීත, නැටුම්, ක්‍රීඩා හා බාලදක්ෂ කඳවුරු වැනි ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන ළමා අපයෝජන අවම කරගැනීමට වැඩිහිටියන් මෙන්ම පාසල් දරුවන්ද දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම මේ විකෘති කාම උවදුර ගැන පුද්ගල හෝ ආයතනමය හෝ තරාතිරම නොබලා විවෘතව සංවාදයට ගැනීමේ වගකීම මාධ්‍ය සතුව තිබේ (නි)

:       0       0

දයා අලහාකෝන් Sunday, 16 June 2013 03:38 PM

ජනාධිපතිතුමනි, ඔබ තුමාට ඇහෙන්නේ නැද්ද පේන්නේ නැද්ද මේවා. දවසක් පාසා පුවත් පත් වල ඵලවෙනවා. පල නොවෙන අපරාධ රටේ කොච්චර ඇත්ද? එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුවා නම් මේ අය නැති කරන්න පුළුවන්. ඇයි තාමත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. (නදී)

:       0       0

තබුක් සිල්වා Sunday, 16 June 2013 03:53 PM

දවස් ගානේ එක එක බලවේග බිහි වෙනවා. ඇයි මේ අයට බැරි ස්ත්‍රී දුෂකයින්ට විරුද්දව නැගී හිටින්න. රට ආගාදයට පත් නොකර පුලුවන්නම් එකතුවෙලා අපේම සිංහල ජාතිය විනාශ කරන සිංහල නරුමයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර යහපත් පරිසරයක්, යහපත් රටක් ගොඩ නගා දෙන්න කියලා බල සේනවගෙන් ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

ස්වර්ණා Monday, 17 June 2013 02:18 AM

පියල් මහත්තයා ලියපු දේම තමයි මට කියන්න තියෙන්නෙත් (නි)

:       0       0

කුමාර් Sunday, 16 June 2013 04:17 PM

අලහකෝන් සහෝදරයා, එතකොට ලොකු ලොක්කන්න්ගේ කොන්තරාත් කරලා ගහට නියමවෙලා ඉන්න අයට මොකද වෙන්නේ ? ඊළඟට ඇතුලේ ඉඳන් එළියේ ගිහිල්ල ලොකු ලොක්කන්න්ගේ කොන්තරාත් කරන අය, ආරක්ෂා කරන්නේ කොහොමද? (ත)

:       0       0

තමල් එම් ගමගේ Sunday, 16 June 2013 04:25 PM

දයා ඔබ හරි. ජනාදිපතිතුමනි තීන්දුව ඔබ අතේ.(නදී)

:       0       0

ලසන්ත Sunday, 16 June 2013 04:34 PM

ජනාධිපතිට ඇහෙන්නේ නැහැනේ, ඇහුනත් නෑ හුනා වගේ ඉන්නවද දන්නේ නැහැ නේද?(නදී)

:       0       0

අනුර Sunday, 16 June 2013 04:52 PM

ජනාදිපති තුමනි ඔබට මුළු රටක්ම කැමතියි. එන්න මේ වගේ දෙවල් වහාම නවත්වන්න, නැත්නම් ඔබට ලොකු ප්‍රස්නයක් වේවි.(නදී)

:       0       0

සරත් Sunday, 16 June 2013 05:04 PM

මේ සිද්දියත් කෑගල්ලේමද? ඉස්සෙල්ලා කෙනාට නිසි දඩුවමක් නොදුන් එකේ විපාකය තමයි. දැන් මේ දෙන්නා පටන් අරගෙන.(නදී)

:       0       0

ලාල් Monday, 17 June 2013 07:05 AM

ජනාධිපතිතුමනි, ඔබ තුමාට ඇහෙන්නේ නැද්ද පේන්නේ නැද්ද මේවා. මේවා නවත්වන්නනම් සරත් ෆොන්සේකා වැනි නිර්භීත නායකයෙක් විය යුතුයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 16 June 2013 05:16 PM

මේ වගේ වැරදි කරපු සේරම එල්ලනයි තියෙන්නේ. කැතිනම් ලංකාව ඉදිරියේදී අපායක් වෙනවා සිකුරුයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 16 June 2013 05:24 PM

මේ රට ඉදිරියට යන්න නම් ජෝක් කොතලාවල වගේ කෙනෙක් බිහිවෙන්න ඕනා. එවිට වසර පනහකින් රට ඉදිරියට යාවි.(නදී)

:       0       0

සුසන්ත Sunday, 16 June 2013 05:26 PM

ලංකාව ගැන අහන්න ලැබෙන දේවල්.(නදී)

:       0       0

වරුණ Monday, 17 June 2013 08:01 AM

පාලකයන් ගොළු අද බිහිරන් සේ මේවා දිහා බල ඉන්නේ මේවාට විශාල වසයෙන් සම්බන්ද වන්නේ තමන්ගේ බැල මෙහෙවර කරන කුක්කන් නිසා බව දන්නෝ දනිති?දෙකක් නැහැ අර වයඹ ගුරුවරියගේ දන ගැස්වීමේ සිද්දිය.(නදී)

:       0       0

උපාලි Sunday, 16 June 2013 05:50 PM

අනුර, ඔන්න ඔහොම බොරු කියලා බයකරලවත් මේ උවදුර වළක්වාගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් දයා අලහකෝන් අහන පලවෙනි ප්‍රශ්නයට හොඳ උත්තරයක් ලැබුනොත් විතරයි ඒක ඉටු වෙන්නෙ.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 16 June 2013 05:51 PM

ඔය හැම දෙයකටම විරුද්ධතා දක්වන්න පාරට බහින අයට, ස්වාමීන්වහන්සේලාට බැරිද මේ දවසගානම කරන අසමත් ජාතික වැඩේ නවත්වන්න කියලා පාරට බැහැලා කියන්න. එහෙම නැත්නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කියලා. මල් කැකුළු නේද ? කෝ මේ ආඩම්බර තාත්තා?(නදී)

:       0       0

දෙස්පා Monday, 17 June 2013 08:17 AM

ලාල්ට පිස්සුද මන්දා? (නි)

:       0       0

කසුන් Monday, 17 June 2013 11:25 AM

අනේ මගේ රටට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)

:       0       0

මාර්ක් Sunday, 16 June 2013 06:14 PM

අනේ එල්ලන්න නම් එපා. එතකොට ඒකටත් අපේ අය කියයි සෞදි නිති කියලා (නි)

:       0       0

චන්දි Sunday, 16 June 2013 06:25 PM

ඕක තමයි අපි කියන්නේ. කෝ ඉතින් කව්ද ඒවා අහන්නේ. මෙවැනි අපරාද කරන අය එල්ලා මරන්න ඕනේ. අනේ ජනාදිපති තුමනි, අපේ රටේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න නැත්නම් මේ අපරාද ඉවරයක් නැති වෙයි.(නදී)

:       0       0

නීල් Sunday, 16 June 2013 06:36 PM

අනුර අපිත් ලංකාවේ තමයි ඒ නිසා රටක්ම කැමතියි කියලා කියන්න එපා හොදේ.(නදී)

:       0       0

අසේල Sunday, 16 June 2013 06:50 PM

ලංකාවේ වධකයෝ නැත්තන් ඇෆ්ගනිස්ථානෙන් හරි ගෙනත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (අ)

:       0       0

ස්ටැන්ලි Sunday, 16 June 2013 06:59 PM

ලංකාවේ හුගක් ප්‍රශ්න වලට විසදුම් හොයන්න බැරි අන්තිමට දේශපාලනය හරස්වන නිසා. මේ පුවතට එක එක අයගේ ප්‍රතිචාරවලින් තේරෙන්නේ අන්තිමට දේශපාලනය හරස්වෙලා බවයි (අ)

:       0       0

මහේන්ද්‍ර Sunday, 16 June 2013 07:22 PM

අනුර,මුළු රටක්ම කැමති කියන්නේ කොහොමද?අපිත් ලංකාවේ (අ)

:       0       0

රූපවතී Monday, 17 June 2013 05:05 PM

මේකද අපේ අනාගතය ...? අපි මැරිලා යනකොට නිදහසේ හුස්ම ටිකවත් හෙළලා මැරෙන්න පුළුවන් අපේ දරු පැටවුන්ට නිදහසේ ,මරබියෙන් තොර ජීවත් වෙන්න රටක් ඉතිරි අපි කලොත්. ජනාධිපතිතුමනි අපේ රට ජාතිය වෙනුවෙන්, එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට දැන් කාලය උදාවී ඇති බව අපට පෙනේ. (නි)

:       0       0

සංජීව Monday, 17 June 2013 09:32 AM

වරුණ ගේ කතාව ඇත්ත.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 16 June 2013 07:59 PM

මේකට තියන එකම විසදුම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනෙක තමයි. හැබයි ඒකත් කරන්න බැරිනම් ජනාධිපතිගෙන් වැඩක් නැහැ.(නදී)

:       0       0

සම්පත් Monday, 17 June 2013 09:32 AM

අද විතරක් නෙමේ මේ වගේ අපරාද පුරාණයේ ඉදන් පැවතුණා නමුත් දැන් දැන් වැඩියි වගේ පේන්නෙ වර්ථමානයේ ජනමාධ්‍ය ඉතාමත් දියුණු තත්ත්වයක පවතින නිසා.(ස)

:       0       0

රංජිත් සිල්වා Sunday, 16 June 2013 08:30 PM

තීරණ ගන්න ඕන වෙලාවට තිරණ ගැනීම ගැන මේ රජය නිසි විදිහට ක්‍රියා කරන බව අපිට ඔප්පු කළා. දැන් ඉතින් මේ ඉදිරි පරම්පරාව බෙර ගන්න නිසි පියවර ගනී කියා පතනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කල යොතු වේ. විනය සහ නීතිය දියුණුවේ කැඩපත වේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site